මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කියා සිටී.
එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය.
ඒ හේතුවෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22ක් යොමු කර තිබේ.
එම යෝජනා පහත පරිදිය-
1. ජනරජයේ ජනාධිපතිතුමාල භාණ්ඩාගාරයේ ඩොලර් මිග 2ග5 ක් අස්ථානගතවී හෝ මංකොල්ලකෑමකට ලක්වී ඇති බව පිළිගන්නේ ද?
2. මේ සිද්ධිය සිදූවූ දිනය පිළිබඳ ජනාධිපතිවරයා ලෙස ඔබ වෙත කරුණු වාර්තා කර තිබුනේ ද?
3. 2025 සැප්ග 6 හෝ ඒ ආසන්න දිනක ඔබතුමන් අමාත්‍ය ධූරය දරන මුදල් අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබූ බව ජනාධිතිවරයාරැමුදල් අමාත්‍යවරයා ලෙස දැන සිටියේ ද?
4. එම ප්‍රහාරය එල්ල වූ බව භාණ්ඩාගාර ලේකම් විසින් ඔබතුමන් සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් දැනුවත් කර තිබුණා ද?
5. එම දැනුමත් කිරිම සිදුව තිබුනේ නම්ල ඔබතුමන් මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමන් ඒ සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේ ද?
6. ඔබතුමන් ඩිජිටල් කටයුතුල මුදල්ල ක්‍රම සම්පාදනයල ජාතික ආරක්ෂක විෂය සම්බන්ධයෙන් වන අමාත්‍යවරයා ලෙස මහා භාණ්ඩාගාරයේ සිදු වූ මංකොල්ලය පිළිබඳ වගකීම දැරිය යුතු බව පිළිගන්නේ ද?
7. එසේ නම්ල ඔබ ජාතික ආරක්ෂාවේ මුලික විෂය පථයට අයත් අංශ හතරක් මේ වන විට බිඳවැටී ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බව පිළිගන්නේ ද?
8. ඔබතුමන් භාණ්ඩාගාර ලේකම් ඔබතුමන් විසින් පත් කළ බව පිළිගන්නේ ද?
9. මුදල් ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේරැමාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව පිළිගන්නේ ද?
10. ඔහුට භාණ්ඩාගාරය හා මුදල් හා ක්‍රම සම්පාදනය සම්බන්ධයෙන් කිසිදු පුර්ව අත්දැකීමක් නොමැති බව පිළිගන්නේ ද?
11. ඔහු විසින් මේ වන විට මුලික විමර්ශනයට අදාල පත්වීම් හා වාර්තා වෙනස් කරමින් මෙම මංකොල්ලයේ සාක්ෂි විනාශ කරමින් සිටින බව ඔබතුමන් දැන්වත්ව තිබේ ද?
12. මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කිරීමෙන් පසුව මෙම මංකොල්ලය සිදුවු බවත්ල ඉන් පසුව මුල්‍ය අපරාධයක දී අනුගමනය කළ යුතු මුලික පරිපාලන ව්‍යවහාරයන් පවා ලේකම්වරයා විසින් පැහැර හැර ඇති බව ඔබතුමන් පිළිගන්නේ ද?
13. මෙම මංකොල්ලකෑම සිදුවූ දිනය හා එයට මහා භාණ්ඩාගාරයෙන් සම්බන්ධ වූ පුද්ගලයින් කවුරුන්ද යන්න ඔබතුමන් දන්නේ දරෑ
14. මේ සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාරයේ ලේකම්ල ඔබතුමන් දැනුවත් කරනු ලැබූයේ කවදාද?
15. ෆී ලෝයර්ස් සංවිධානය විසින් කථානායකතුමන් දැනුවත් කිරීමට පෙර මේ පිළිබඳ ඔබතුමන් දැනුවත්වූයේ නම්ල මේ පිළිබඳ ඔබ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 148 ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තුවට හෝ ජනතාව දැනුවත් නොකළේ මන්ද?
16. සෑම මසකටම දෙවරක් හෝ එයට වැඩි අවස්ථාව දී පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණෙන ඔබතුමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවෙන් කරුණු වසන් කිරීම වරදක් බව පිළිගන්නේ ද?
17. මේ මංකෝල්ලය සම්බන්ධයෙන් ඔබ විසින් පත් කරනු ලැබූ භාණ්ඩාගාර ලේකම්තුමාල අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට හෝ පොලීසියට හෝ 2026 අප්‍රේල් 21 දිනට පෙර (අපගේ හෙළිදරව්වට පෙර) පැමිණිලි කර තිබේ ද?
18. මේ පරිගණක අපරාධය පිළිබඳ පරිගණ අපරාධ හදිසි විමර්ශනය සඳහා ස්ථාපති ආයතන වෙත පැමිණිලි කරනු ලැබූයේ කවදාදරෑ කවුරුන් විසින්ද?
19. එසේ නොකර තිබුණා නම්ල එය බලවත් වරදක් බව ඔබ පිළිගන්නවාද?
20. මේ තරම් අක්‍රමිකතාල අතපසුවීම්ල වගකීම් විරහිත බවල වංක ලෙස කටයුතු කර තිබෙන මුදල් ලේකම්වරයා කෙරෙහි ඔබට තවදුරටත් විශ්වාසයක් පවතින්නේ ද?
21. මෙහු එම ධූරය දරණ තාක් කල් සාධාරණ විමර්ශනයක් සිදු කළ හැකි බව ජනාධිපතිතුමන්රැමුදල් අමාත්‍යතුමන් ලෙස ඔබට විශ්වාසයක් පවතින්නේ ද?
22. හර්ෂණ සුරියප්පෙරුම මහතා පුද්ගලයා වහා ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉවත් කර නිසි විමර්ශයක් සිදු කිරීමට අවකාශය ඔබතුමන්ලා විසින් සලසා දෙන්නේ ද?
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
ෆ්‍රී ලෝයර් ස් සංවිධානයෙන් ජනාධිපතිවට, කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්