මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් තලතාට ලිපියක්
රටේ පුරවැසි අයිතීන් වෙනුවෙන් එක්ව කටයුතු කළ යුතු කාලය එළැඹ ඇති බැවින් මෙවර තම පක්‍ෂය සංවිධානය කරන මැයි දින රැලියට එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි මහ ලේකම්වරයා විසින් ඒ පක්‍ෂ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදුකර ඇත. වෘත්තීය සමිති, කම්කරු සංවිධාන, තරුණ සංවිධාන, සහ කාන්තා සංවිධාන ඇතුළුව සමගි ජන සන්ධානයට අයත් සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් එළැඹෙන මැයි 01 දින ප.ව. 2.00ට මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පවත්වන මැයි දින රැලියට සහභාගි වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට අප ගෞරවයෙන් ආරාධනා කරන බව එහි දැක්වෙයි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026