ඊයේ කැලණියේදී
ඡායාරූප කැලණිය – මංගලා මදුරප්පෙරුම
ඇමෙරිකානු භික්ෂූන් වහන්සේලා 13 නමක විසින් දින 7 ක් පුරා ශ්‍රී ලංකාවේදී පවත්වන ලද ‘ජාත්‍යන්තර සාම පා ගමන’ (උ්කන දෙර ඡැ්ජැ ඡරදටර්ප සබ ීරස ඛ්බන්) නිමා කෙරෙන රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28 දා) පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.
මෙහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට වැඩම කරවන ජය ශ්‍රී මහා බෝධි අංකුරය සහ ධාතූන් වහන්සේ දූත පිරිස වෙත පූජා කිරීමට නියමිතය.
වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර සාම පා ගමන (Walk for Peace Program in Sri Lanka) පසුගිය 22 දා දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කෙරිණි. කිලෝමීටර් 190 ක් ගෙවා ඊයේ සන්ධ්‍යාවේ සාම පා ගමන කැලණි රජ මහා විහාරයට පැමිණි අතර අද පස්වරුවේ පා ගමනේ නිරත වූ භික්‍ෂූන් වහන්සේලා කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණීමෙන් පසු ජාතික උත්සවය ආරම්භ වේ.
ජගත් කණහැරආරච්චි සහ අකිත පෙරේරා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026