හිමිවරු රැසක් සැක පළ කරති
භික්ෂු වේශධාරීව මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධිය පිටුපස ථෙරවාදී භික්ෂුවට සහ සම්බුදු සසුනට එරෙහි මහා කුමන්ත්‍රණයක් සහ කැළලක් ඇති කිරීමේ උත්සාහයක් පවතින බව බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුලුගල්ලේ ජිනානන්ද හිමියෝ පැවසූහ.
භික්ෂු වේශධාරීන් විසි දෙනමක් විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට කුෂ් සහ හෑෂ් නමැති මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒම සම්බන්ධයෙන් පෙරේදා (27දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ එසේ සඳහන් කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.
“දුප්පත් ප්‍රදේශවල දරුවන්ට බෙදා දීමට පාසල් උපකරණ සහ සෙල්ලම් බඩු කියලා මේ විසි දෙනමටම මේ බෑග් වෙන වෙනම දී තිබෙනවා. මෙම බෑග් පතුලේ වෙනම සැකසූ ඉඩක තමයි මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇත්තේ.
හැම බෑගයකම කිලෝ පහකට අධික මත්ද්‍රව්‍ය තිබී හමුවී තිබෙනවා. බුද්ධි තොරතුරකට හෝ කුමන තොරතුරකට හෝ අනුව මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපි ඒ නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා.
අපි, මේ රජය මෙන්ම ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ද කාලයක් තිස්සේ දැනුවත් කළා. මේ විදිහේ ශාසන විරෝධී, විනය විරෝධී, භික්ෂු වේශධාරීන් සසුනෙන් නෙරපා හැරීමට විහාර දේවාල ගම් පනතේ 41, 42 වගන්ති සංශෝධනය කර දෙන්න කියලා. දැන් මෙය සකසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හරහා අමාත්‍යාංශයටත් ලබාදී තිබෙනවා. නමුත් කිසිම රජයක් එය කළේ නෑ.
මේ නිසා ශාසනය විනාශ කිරීමට භික්ෂු වේශධාරී කඳ පණුවන්ට අවස්ථාව ලැබී තිබෙනවා. භික්ෂුවක් විදේශගත වනවිට මහ නායක හිමිවරුන්ගේ ලිපියක් අවශ්‍යයයි. මාද වරක් දෙවරක් එසේ කටයුතු කර තිබෙනවා. නමුත් මෑත කාලයේ මේ රජය මේ නීතිය ඉවත් කර ඇති බවට තොරතුරු තිබෙනවා.
මේ මත්ද්‍රව්‍ය ගෙනඒමේ පැහැදිලි කුමන්ත්‍රණයක් තිබෙනවා. අහුවෙන බව දැන දැනම කෝටි එකසිය ගණනක මත්ද්‍රව්‍ය ගෙනඒම විශාල ප්‍රශ්නයක්. මින් මෙරට භික්ෂුව ගැන ලොවට යන චිත්‍රය මහා කළු පැල්ලමක්. සිවුර අවභාවිත කරමින්, මෙම පිරිස මෙහෙයවූයේ කවුරුදැයි සොයාගැනීම ආරක්ෂක අංශවල වගකීමක්. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මෙම භික්ෂු වේශධාරී විසි දෙනමගේම ලේඛන කැඳවා මහ නායක හිමිවරුන්ගේ උපදෙස් ගෙන යළි මෙවැන්නක් වීමට ඉඩ නොතබා කටයුතු කළ යුතුයි.
සුජීව තත්සර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
තායි කුඩු මඩ යට – ථෙරවාදී භික්ෂුවට හා සම්බුදු සසුනට එරෙහි මහා කුමන්ත්‍රණයක්