නඩු අවසන්වූ වහාම මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කරනවා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන
රටම එකට ජාතික මෙහෙයුම යටතේ 2005 වර්ෂයේ 30 වැනිදා සිට මේ දක්වා විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් එක්ලක්ෂ හැට දහසකට අධික ප්‍රමාණයක් හා විෂ මත්ද්‍රව්‍ය කිලෝ දහතුන් දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉදිරියේදී නඩු කටයුතු අවසන් වීමෙන් පසු ඒවා කඩිනමින් විනාශ කිරීමට කටයුතු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කළේය.
ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය මාස දෙකකට අඩු කාලයක දී මෙසේ විනාශ කිරීමට නීති සකසමින් පවතින බව ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පතිරයා කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැටලීම් සිදුකර නඩු කටයුතු අවසන් කළ විෂ මත්ද්‍රව්‍ය පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පිහිටි දහන උඳුනේ විනාශ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැටලීම් සිදුකළ බලපිටිය අධිකරණයේ විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු හෙරොයින් කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 888 ක්, හලාවත අධිකරණයේ විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු කේරළ ගංජා කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝග්‍රෑම් 247යි ග්‍රෑම් 940 ක ප්‍රමාණයක්, අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ නීති විරෝධී දුම්වැටි 7600 ක්, රස පරීක්ෂක කාර්යාලයේ තිබූ දැනට අධිකරණය විභාගයෙන් නඩු කටයුතු අවසන් වූ නඩු භාණ්ඩ 150 කට අධික ප්‍රමාණයක් ද මෙහිදී බලපිටිය මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හා හලාවත මහෙස්ත්‍රාත් හර්ෂ ඩී සිල්වා මහතා ඉදිරියේ විනාශ කෙරිණි.
රජයෙ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ එච්. එන්. පී. සී. හේරත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අමරනන්ද විජේසේකර – මහවැව
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
මත්ද්‍රව්‍ය සැකකරුවෝ 160000ක්: විෂ මත් කිලෝ 13000ක් අත්අඩංගුවට