මන්ත්‍රීවරයෙක් කටේ ප්ලාස්ටර් ගසා ගනී
පිරිසක් පිටව යති
හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීම එම සභාවේ සභාපති අසෝක කරුණාරත්න (ජාතික ජන බලවේගයේ) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) එම නගර සභාවේ රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.
රැස්වීම ආරම්භයේ දී සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී අලගමුත්තු නන්ද කුමාර් මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාපතිවරයා හමුවේ කියා සිටියේ, ඉකුත් මස 24 දා පැවැති මාසික සභා රැස්වීමේ දී ඉදිරිපත් කළ මාසික සභා රැස්වීම් වාර්තාව වැරදි බවත්, එම වාර්තාව නිවැරදි කර සභිකයින් වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවත්ය. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට සභාපතිවරයා කටයුතු නොකරන්නේ නම් තමන් එයට විරෝධය පා සභා රැස්වීමෙන් පිටව යන බවත් ඔවුහු කීහ.
එහිදී සභාපතිවරයා කියා සිටියේ, සභා රැස්වීමේ සාරාංශය පමණක් වාර්තාවක් මගින් සභිකයින් වෙත ලබාදෙන බවත්, එය සභිකයින් පිළිගත යුතු බවත්ය.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත සභාව මදකට නතර කර සභාපතිවරයා විසින් කාරක සභා රැස්වීමක් පවත්වන ලදී. එහිදී සභාපතිවරයා විපක්ෂයේ සභිකයින්ට කියා ඇත්තේ විපක්ෂයේ පැරණි සභිකයින් පමණක් සභාවේ නිතරම කතා කරන බවත්, ඒ අනුව නවක සභිකයින්ට සභාවේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබෙන බවත්ය. (කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත නොකරන ලදී).
එම කාරක සභා රැස්වීමෙන් අනතුරුව හැටන් දික්ඔය නගර සභාවේ සභික සුප්පයියා කේසවමූර්ති (ස්වාධීන) මහතා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, පැරණි මන්ත්‍රීවරුන් පමණක් සභාවේ අදහස් ප්‍රකාශ කරන බවට සභාපතිවරයා කරන ප්‍රකාශයට විරෝධය පාමින් තමන් නිහඬව සිටිමට කටේ ප්ලාස්ටරයක් අලවා ගන්නා බවයි.
ඒ අනුව එම සභිකයා ප්ලාස්ටරයකින් කට වසා ගනිමින් සිටි අතර, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා ද කිසිදු ප්‍රකාශයක් නොකර සභා රැස්වීමෙන් පිටව ගියේය. ඒ සමග විපක්ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙක් පසුගිය සභා රැස්වීම අනුමත නොවූ නිසා සභා රැස්වීමෙන් පිටව ගියහ.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙක් සහ සභාපතිවරයා මාසික සභා රැස්වීම පවත්වාගෙන ගියහ. මෙහිදී සභාපතිවරයා කියා සිටියේ, සභිකයින් ඉල්ලන ආකාරයට මාසික සභා රැස්වීම ලබාදීමට නොහැකි බවයි.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මාසික සභා රැස්වීම් වර්ජනය කිරීම් තුළින් හැටන් දික්ඔය නගර සභා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අඩාල වන බව ද ඔහු කීවේය.
නුවරඑලිය – නාලක රත්නායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
හැටන් දික්ඔය නගර සභා රැස්වීමේ දී – සභා වාර්තාවට අලකලංචියක්