ඕමල්පේ සෝභිත නාහිමි
කටුනායක ගුවන්තොටුපළේදී භික්‍ෂුන් වහන්සේලා 22 නමක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේදී උන්වහන්සේලා එවැනි වරදකට පොලඹවා ගැනීමක් සිදුකර ඇතිද යන්න සොයා බැලිය යුතු යැයි දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක මහා ස්ථවිර හිමියෝ මහනායක මාහිමිපාණන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිති.
එහිදී උන්වහන්සේ පහත සඳහන් කරුණු ගැන ද අවධානය යොමු කරන ලෙස මහ නාහිමිවරුන් වෙතින් ඉල්ලා ඇත.
පොලිස්පතිවරයාගේ ඍජු සහාය මත මේ කාරණයේ සත්‍යාසත්‍යතාව තහවුරු කරගෙන දැනට රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකාර භික්ෂූන් ප්‍රසිද්ධියේ සිවුරු හැර විය යුතුය. ඉන් ඉදිරියට ගිහි ඇඳුමින් ගිහිභාවයේ සිටගෙන නීතිමය කටයුතුවලට යොමු කරවීම.
මෙවන් වරදකට භික්ෂූන් පොලඹවා ගැනීමක් සිදුකර තිබේ ද? එවැනි අපරාධ සිදු කරන පුද්ගලයන් හෝ සංවිධාන පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර වැරදිකරුවන්ට දඬුවම් දීම හා ඉදිරියට මෙවැනි දේ සිදු නොවන ආකාරයට පියවර ගැනීම සඳහා රජය මෙහෙයවනු ලැබීම.
මෙවන් විවිධ වැරදි අපචාර සිදු කරන භික්ෂූන් පැවිද්දෙන් ඉවත් කිරීමට, භික්ෂූත්වයෙන් නෙරපා හැරීමට සෑම නිකායකටම බලය ලැබෙන පරිදි 1931 විහාර දේවාලගම් පනතේ අංක 41-42 වගන්ති වහාම සංශෝධනය කරලීම සඳහා රජයට බලකර සිටීම.
ගුවන්තොටුපළේ දී භික්ෂුන් වහන්සේලාට මේ දක්වා ලබාදී තිබූ විශේෂ වරප්‍රසාද අවලංගු කර සාමාන්‍ය මගීන්ට මෙන්ම ගමන් මලු පරීක්ෂා කිරීම ආදී කටයුතු සිදු කිරීම පිණිස අදාළ බලධාරීන්ට අවසරය හා නිර්දේශය ලබාදීම.
චමින්ද සිල්වා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026