සැකකරු ළඟ ව්‍යාජ හැඳුනුම්පතක් හා රියැදුරු බලපත්‍රයක්
යක්කල බැලුම්මහරේදී අත්අඩංගුවට
විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් 83 දෙනකුගෙන් රුපියල් කෝටි හයාමාරකට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයකු යක්කල බැලුම්මහරේදී අත්අඩංගුවට ගැනීමට යක්කල පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාමේන්ද්‍ර ලක්ෂ්මන් මහතා ඇතුළු නිලධාරිහු කණ්ඩායම සමත් වූහ.
යක්කල පොලිසියට ලද විශේෂ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනන්‍යතාවය විමසූ අවස්ථාවේදී, එම පුද්ගලයා තමාගේ බව පවසමින් රියැදුරු බලපත්‍රයක් ඉදිරිපත් කළ නමුත්, එම රියැදුරු බලපත්‍රය සම්බන්ධයෙන් සැක සිතී සැකකරු වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, ඔහුගේ කමිසය තුළ සඟවාගෙන සිටි ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් සොයා ගැනීමට හැකි වී ඇත.
වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් අයකුගේ තොරතුරු සහිත හැඳුනුම්පතකට මොහුගේ ඡායාරූපය ඇතුළත් කර මෙම ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවයි.
ඔහුගේ සත්‍ය අනන්‍යතාවය අනුව සැකකරු අවුරුදු 61 වයසැති ගම්පහ බුත්පිටිය පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තු ලබා සිටින අයකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.
එසේම මෙම සැකකරු දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙලෙස විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා සිදු කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසකට සම්බන්ධ අයකු බවට තොරතුරු ලැබී ඇති බැවින්, ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සමග ව්‍යාජ හැඳුනුම්පත හා රියැදුරු බලපත්‍රය ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ, ගම්පහ දිස්ත්‍රික් V භාර පොලිස් අධිකාරී උපාලි තලගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ යක්කල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාමේන්ද්‍ර ලක්ෂ්මන් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක නිශාන්ත, පොලිස් සැරයන් උපුල් (51036), පොලිස් කොස්තාපල් අජිත් (65201) හා පොලිස් කොස්තාපල් රියැදුරු කරුණාතිලක (21733) යන නිලධාරීහු වැටලීමට එක් වූහ.
ගම්පහ සමූහ – සුසිල් රණමුක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
රට සිහින පෙන්වා 83 දෙනකුගෙන් කෝටි 6 1/2ක් වංචා කරලා