විභවතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවක්
April 27, 2026
0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දේශීය ආදායම්දෙ පාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.
බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ළඟා කර ගෙන ඇති ප්‍රගතියත් මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි.
මෙම අරමුණු ඉටු කර ගැනීමේදී ආයතනය තුළ සිදු විය යුතු ප්‍රතිව්‍යුහගතකරණ සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ඒ අනුව ජාතික e-invoicing පද්ධතිය හඳුන්වා දීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳවද විමසා බැලුණු අතර එම සමස්ත ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුව තුළ සම්පූර්ණ කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
විභවතාව ඉහළ නැංවීම පිළිබඳ සාකච්ඡාවක්