Rebuilding Sri Lanka අරමුදල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්
April 27, 2026
0 Comments
“Rebuilding Sri Lanka” අරමුදලට ලැබුණු මුදල් මහා භාණ්ඩාගාරයේ සුරක්ෂිතව තිබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සඳහන් කරයි.
අදාළ අරමුදල සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මේ බව සඳහන් කරයි.
අප්‍රේල් මස (24) වෙනිදා වනවිට Rebuilding Sri Lanka අරමුදලට රුපියල් මිලියන 9,583ක් ලැබී ඇති බවත් ඊට රටවල් 49ක විදෙස්ගත ලාංකීකයන් සහ විදේශ ජාතිකයන් සිය පරිත්‍යාග සිදු කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට ලක්වූවන්ට සහන සැලසීමට ආණ්ඩුව විසින් රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තමේන්තුවක් සම්මත කරගන්නා ලදී අතර ඊට Rebuilding Sri Lanka අරමුදලේ ඇති බිලියන 10ක මුදල යොදාගත හැකි බවද සඳහන් කරයි.
මෙම අරමුදල සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශ අසත්‍ය සහ පදනම් විරහිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Rebuilding Sri Lanka අරමුදල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්