තායිලන්තයේ සිට ගෙන ආ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපළේ දී භාරගැනීමට සූදානම් වී සිටි කඩවත රම්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාරාම විහාරයේ අගුණුකොලේ අමිතානන්ද නැමති සැකකරු දින හතක් (මැයි 02 දක්වා) රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය. මත්ද්‍රව්‍ය සමග ඒවා රැගෙන ආ තරුණ භික්ෂුන් අත්අඩංගුවට පත්වන විට ඒ වෙලාවේ අමිතානන්ද භික්ෂුව ඒවා භාරගැනීමට ගුවන්තොටුපළේ රැඳී සිටි බවත් භික්ෂුන් අත්අඩංගුවට පත්වීමත් සමගම කලබල වූ අමිතානන්ද භික්ෂුව ගුවන්තොටුපළෙන් පලාගොස් මිගහවත්ත ප්‍රදේශයේ සැඟවී සිටියදී විමර්ශන කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් දියත් කොට අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා අධිකරණයට පැවැසීය.
අමිතානන්ද භික්ෂූවගේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකල වෛද්‍ය වාර්තා ධානාත්මක බවත් ඔහු ඒ අවස්ථාවේදී ද මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවද නිලධාරීන් අධිකරණයට පැවැසූහ. එම වෛද්‍ය පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කර බවද ඊට ආදාළ වාර්තාද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. තවදුරටත් ප්‍රශ්න කිරීම සිදුකරගෙන යන බවත් තරුණ භික්ෂූන් තායිලන්තයේ චාරිකාව සඳහා එක් කරගැනීමට භාවිතා කළ වට්ස්ඇප් ගෲප් එක අමිතානන්ද භික්ෂුව විසින් මෙහෙයවන ලද්දක් බවත් අනාවරණය වී තිබෙන බවත් අංක 54 වගන්තිය යටතේ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 :්* යටතේ ආනයනය කිරීම, ජාවරාම් කිරීම, සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කිරීමට අවශ්‍ය බැවින් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා සිටියේය. ඊට අවසර දෙමින් මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ එදිනට අත්අඩංගුවට ගත් අනෙක් හාමුදුරුවන්ගේ ද වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසයි.
ඊට අමතරව අත්අඩංගුවට ගත් සැකකාර අමිතානන්ද හිමිට අයත් අයි ෆොන් 17 චරද ප්ං වර්ගයේ දුරකථනය සහ තවත් නොකියා ජංගම දුරකථනය කිහිපයක් සොයාගෙන ඇති බවත් ඒවායේ ඇති දේශීය හා විදේශීය ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේය. එහිදී මහෙස්ත්‍රාත්වරිය අදාළ දුරකථනය විශ්ලේෂණය වාර්තා ලබාදෙන ලෙස එම සමාගම්වලට නියෝග කළාය. එමෙන්ම විමර්ශන නිලධාරීන් සඳහන් කළේ පෙර දින අත්අඩංගුවට ගත් සැකකර හිමිවරුන් 22 මෙරට තුළදී මත්ද්‍රව්‍ය ප්‍රවාහන සඳහා මෙම සැකකාර හාමුදුරුවන් යොදාගෙන ඇති බවට ද සාක්ෂි ලැබී ඇති බවයි. ඒ පිළිබඳව ද වැඩි දුරටත් විමර්ශන සිදු කරන බව සඳහන් කළේය. එහිදී මහෙස්ත්‍රාත්වරිය වැඩිදුර විමර්ශන වාර්තා මැයි 02 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර සැකකාර හිමිනම මැයි 02 දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය. සැකකරා හිමි නම 2004 වර්ශයේ උපන් වයස 22 ක පුද්ගලයකු වන අතර පැවිදි දිවියට එළැඹ ඇත්තේ වයස අවුරුදු 8 කදී වන අතර දැනට වසර 14ක් මහණ වී සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයයේ උපපොලිස් පරීක්ෂක රාජපක්ෂ මහත සහ සාජන් බණ්ඩාර යන මහත්වරු විමර්ශන කටයුතු සිදු කරති.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026