ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීම, අයුතු ඇතුළුවීම, සාපරාධී බියගැන්වීම යන චෝදනා යටතේ ඉලවාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා හෙට (29දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත්වරයා ඊයේ (27දා) නියෝග කළේය.
කන්කසන්තුරේ මල්ලාකම් ප්‍රදේශයේ ඉඩමක පැවැති ආරවුලකදී එහි සිටි පිරිසකට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන පවත්වද්දී ඔහු නීතිඥවරුන් මාර්ගයෙන් ඉලවාලි පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාරවී තිබිණි.
එහිදී මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන ලදී. පසුව මන්ත්‍රීවරයා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
කන්කසන්තුරේ ඉලවාලි ප්‍රදේශයේ අර්චුනා මන්ත්‍රීවරයාට අයත් ඉඩමක් සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් අයිතිවාසිකම් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවැතිණි.
එසේ නඩුව විභාග වෙමින් තිබියදී මන්ත්‍රීවරයා බැකෝ යන්ත්‍රයක් ගෙනැවිත් ඉඩමේ සංවර්ධන කටයුත්තක් කිරීමට කටයුතු කර තිබේ. ඒ අවස්ථාවේ ඉඩමට අයිතිය තියෙන අනෙක් පාර්ශ්වය පැමිණ මන්ත්‍රීවරයා සමග ආරවුලක් ඇති කරගෙන ඇත.
එහිදී කාන්තාවක් විසින් මන්ත්‍රීවරයාට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙන අතර එසේ පහර දුන් කාන්තාව ඉලවාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (29දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉඩමට අයිතිය කියූ අනෙක් පාර්ශ්වය වෙත බලපත්‍ර සහිත තම ගිනිඅවිය එල්ල කරමින් මන්ත්‍රීවරයා තර්ජනය කර ඇති බව කියන අතර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවය.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
අර්චුනා රිමාන්ඩ්