මහා ජාවාරමා බැංකොක් පදිංචි ශ්‍රී ලාංකිකයෙක්
මෙරට සම්බන්ධීකාරක චීවරධාරියා සියඹලාපේ සැඟවී සිටියදී අල්ලයි
විමර්ශනවලින් රහස් රැසක් එළියට
තවත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා චීවරධාරීන් 40 දෙනකු තායිලන්තයේ බැංකොක් නුවර බලා යැවීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සංවිධානාත්මක කණ්ඩායම සියලු කටයුතු සූදානම් කර තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරු ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු තායිලන්තයේ බැංකොක් නගරයේ රැඳී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව ද අනාවරණය වී තිබේ.
මෙම මහා පරිමාණ ජාවාරමේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම්කරු ලෙස කටයුතු කළ චීවරධාරියා කඩවත රන්මුතුගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ බව ද හෙළිව ඇත. මෙම චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ සියඹලාපේ ප්‍රදේශයේ සැඟවී සිටියදී ය. චීවරධාරීන් සම්බන්ධ කරගෙන කරන මෙම ජාවාරමේ මෙරට සම්බන්ධීකාරක ලෙස කටයුතු කර ඇත්තේ මෙම චීවරධාරියා ය.
මීට ටික කලකට පෙර මෙම චීවරධාරියා විසින් මේ ආකාරයට චීවරධාරීන් 12 දෙනකු බැංකොක් නගරයට යවා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බව ද විමර්ශනවලදී හෙළි වී ඇත. එවර තායිලන්තයට ගිය චීවරධාරීන් අතරින් තිදෙනකු ද මෙවර සංචාරය සඳහා සම්බන්ධ වී සිට ඇති බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමට තායිලන්තයට යැවීමට සූදානම් කර සිටි චීවරධාරීන් 40 දෙනා අතරින් කීපදෙනකු හැරෙන්නට සෙසු චීවරධාරීන් කිසිවකුත් මෙම ජාවාරම පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා අය බව විමර්ශනවලින් හෙළි වී ඇත.
ඒ චීවරධාරීන්ට මෙම සංවිධානාත්මක කණ්ඩායම පවසා ඇත්තේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා තායිලන්තයට රැගෙන යෑමට සූදානම් කර ඇති බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.
කටුනායක ගුවන්තොටුපළේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් චීවරධාරීන් 22 දෙනා දින 07ක් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.
හේමන්ත රන්දුණු
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026