ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්සත් ජනපද තැපැල් සේවය වෙත කරන ලද ඩොලර් හය ලක්ෂයක ගෙවීමක් සම්බන්ධයෙන් අදාළ මුදල් එක්සත් ජනපද තැපැල් සේවය වෙත නොලැබීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින් බව ද අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී නලින් ද ජයතිස්ස අමාත්‍යවරයා අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව
Sri Lanka Post
එක විදියට
US Post
එකට ගෙවපු ඩොලර් ලක්ෂ
6
ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතිනවා. ඒවා ආයතන මට්ටමින් අපි සිදුකරන දේවල්.
US Post
එකට මුදල් නොලැබීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. එය කෙසේද සිදුවුණේ කියන එක සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරගෙන යනවා.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
චීන ජන ජීවිතය හැඩගැස්වූ දාර්ශනික හර පද්ධති
April 22, 2026
පර්සියාවේ අධිරාජයා වූ මහා ඩේරියස් රජතුමා යනු ශක්‍රයා ද?
April 22, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
US Post එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6 කුත් අතුරුදන් – Divaina