අත්අඩංගුවට ගත් චීවරධාරීන් ගංජා ගහලා.. තවත් 40ක් සූදානමින්
April 28, 2026
1 Comment
කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු චීවරධාරීන් විසි දෙදෙනා අතරින් 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදුකළ පරීක්ෂණයකදී හෙළිවී ඇත.
සැකකාර චීවරධාරීන් පිරිස මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කර අතර ඊයේ (27) දින ඔවුන්ව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කළ අතර එහිදී අනාවරණය වී ඇත්තේ, ඉන් 19 දෙනෙකු ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවයි.
අත්අඩංගුවට පත් වූ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවිසූ චීවරධාරීන් තිදෙනා පමණක් මින් පෙර තායිලන්තයේ සංචාරයක නිරතව ඇති බවත් එහිදී ඔවුන් ඇතුළුව චීවරධාරීන් 12 දෙනෙකු පමණක් ඒ සඳහා එක්ව ඇති බවත් විමර්ශන වලදී හෙළිවී ඇත.
එම අවස්ථාවේදී ඔවුන් විසින් රැගෙන ආ බව පැවසෙන මත්ද්‍රව්‍ය අතුරුගිරිය ප්‍රදේශයේ නිවසක සඟවා ඇති අතර ඒ අනුව එම නිවසේ හිමිකරුවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තවද එළැඹෙන මැයි මාසයේදී තවත් චීවරධාරීන් 40 දෙනෙකු පමණ රැගෙන ඔවුන් තායිලන්තයේ සංචාරයක් සඳහා යෑමට සූදානමින් සිට ඇති බව වාර්තා වේ.
මෙම ජාලය මෙහෙය වූ බව කියන ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනුලැබූ අමිතාන්ද නම් චීවරධාරියා විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත් වූ දින අදාළ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යෑම සඳහා ගුවන්තොටුපලට පැමිණියත්, අනෙක් පිරිස අත්අඩංගුවට පත් වූ පසු එම ස්ථානයෙන් පලාගොස් ඇති බව හෙළිවී ඇත.
එම චීවරධාරියා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් යම්කිසි මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇති බව වාර්තා වෙයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X