කෙන්යාවේ පැවැති ලෝක මහාද්වීපික රන් තරගාවලියට, විශේෂ ආරාධනාවක් මත, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, මීටර් 89.28 ක නව තරගාවලි වාර්තාවක් තබමින්, ඔලිම්පික් ශූර තෝමස් රෝලර් සහ ලෝක ශූර ජූලියස් යේගෝ පරාජය කරමින් රන් පදක්කම දිනා ගෙන දිවයිනට පසුගියදා පැමිණියේය. තරගාවලිය සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛස්ථානයේ පසුවන හෙල්ල විසි කිරීමේ ශූරයන් සඳහා ආරාධනා කර තිබු අතර, එය 04/24 දින කෙන්යාවේ නයිරෝබි නුවර පවත්වා තිබුණි.
ඒ අනුව රුමේෂ් තරංග 2026 වසරේ හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබේ. මෙම ජයග්‍රහණය රැගත් රුමේෂ් තරංග 04/25 දින පස්වරු 04.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
රුමේෂ් තරංග එළඹෙන ජූලි මස ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ආසියානු තරගාවලියට මෙන්ම ස්විට්සර්ලන්තයේ, රෝමයේ සහ ජපානයේ පැවැත්වීමට නියමිත තවත් දියමන්ති සහ රන් තරගාවලි ත්‍රිත්වයකට ද සහභාගි වීමට නියමිතය. මීට අමතරව 2027 වසරේ චීනයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහ ඇමෙරිකාවේ ලොස් ඇංජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 වසරේ ඔලිම්පික් තරගාවලිය ද සහභාගි වීමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී.කපිල
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
වාර්තා තැබූ රුමේෂ් තරංග දිවයිනට