ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය
පන්දුවට පහරදීම, පන්දු රැකීම, පන්දු යැවීම තුන් අංශයෙන්ම දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ බංග්ලාදේශයේදී බංග්ලාදේශ කාන්තාවන්ට එරෙහිව ලකුණු 25 ක සුපිරි ජයක් හිමිකර ගත්තාය.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත විසිසයි 20 තරගාවයේ පළමු තරගය ඊයේ ආරම්භ විය.
පළමු තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ කාන්තාවෝ තීරණය කළේ පළමුව පන්දු රැකීමටය.
හොඳ ආරම්භයක් ලබාගත් චමරි අතපත්තු පන්දු 32 කදී ලකුණු 30 ක් කණ්ඩායමට එකතු කළේ හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ද සමගිනි. චමරිගේ දැවී යෑමත් සමග පිටියට ආ ඉමේෂා දුලානි ප්‍රවේගකාරී ලකුණු 55 ක් ලබාගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නියන්ට හොඳ හැටි පහර දෙමිනි. තවද ඉමේෂාගේ දැවී යෑමත් සමග හර්ෂිතා ශ්‍රී ලංකාව වෙනුවෙන් අනගි මෙහෙයක් ඉටු කළේ පන්දු 35 කදී ලකුණු 61 ක් ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළට එසවීය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 161 ක් ලබාගත්හ.
බංග්ලාදේශ වෙනුවෙන් සුල්තානා ලකුණු 29 කට කඩුලු 2 ක් දවා ගත්තාය.
ලකුණු 161 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තාවෝ හොඳ ආරම්භයක් ලබා ගත්ත ද ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉක්මනින් ලකුණු ලබා නොදීමට වගබලා ගත්තේ බංග්ලාදේශයට පීඩනයක් එල්ල කරමින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත නතු කර ගනිමිනි. ශර්මින් අක්තාර් බංගාල්දේශය වෙනුවෙන් ලකුණු 60 ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් බලාපොරොත්තු තැබුවත් පන්දුවාර විස්ස අවසානයේ බංග්ලාදේශ කාන්තාවන්ට ලබාගත හැකි වූයේ කඩුලු 7 කට ලකුණු 136 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තාවන් විස්සයි 20 පළමු තරගයේ ලකුණු 25 ක ජයක් හිමි කර ගත්තාය.
පන්දු යැවීමේදී මල්කි මදාරා, මිනාලි අයෝධ්‍යා, චමරි අතපත්තු කඩුලු 2 ක බැගින් ලබාගත්හ.
සංස්කරණය – සුසිල් ජයකොඩි
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026