මේෂ
ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිවලදී කැපීපෙනේ. පොදු උත්සව සාද වැනි දේවල් ද යෙදේ. අවිවේකී දිනකි. තරමක් වැයපස ද ඉහළ යයි. නවක මිතුදම් ඇතිවන දිනකි. හදිසි ධන ලාභ ලබයි. පාද ආබාධ මතු කරයි.
ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 07
වෘෂභ
ක්‍රියාශීලි දිනකි. ආගමානුකූල ක්‍රියාකාරකම් වැනි දේවල් සංවිධානයට හේතුයි. පොදු සමිති සමාගම්වල මූලිකව ක්‍රියා කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරන ක්‍රියා කරයි. සෙම් කෝප රෝග මතුවෙයි.
ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04
මිථුන
තරමක් අවිවේකී දිනකි. උත්සව සාද වැනි දේවල් ද යෙදේ. වැයපස ද ඉහළ යයි. ගනුදෙනුවලදී ප්‍රවේශම මැනවි. විනෝදජනක ක්‍රියාවන් යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. අමතර ලාභ සත්කාර යෙදෙන අතර සිරසගත රෝග මතුවේ.
ශුභ වර්ණය – කොළ, ජය අංකය – 02
කටක
රාජකාරි බහුල වෙයි. තම ව්‍යාපාරවල ද දියුණුවක් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදේ. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන් මත ක්‍රියා කරයි. සිරසගත රෝග, උෂ්ණ රෝග මතු කරයි.
ශුභ වර්ණය – රෝස, ජය අංකය – 05
සිංහ
ශුභවාදී ඵල ගෙන දෙන අතර ක්‍රියාශීලි දිනකි.නව නිපැයුම් අලුත් වැඩ සඳහා යොමු වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. නවක මිතු දම් ඇතිවේ. අමතර ලාභ මතු කරන අතර දත් රෝග, අක්ෂි රෝග මතුවේ.
ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා
ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාදවලට යොමු වේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන අතර ආමාශගත රෝග ද මතුවේ.
ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 06
තුලා
ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති සාද, උත්සව වැනි දේවල්වලට යොමු වෙයි. විනෝදජනක කටයුතු සඳහා යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියා කරයි. ස්නායුගත රෝග මතුවෙයි.
ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 03
වෘශ්චික
ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වෙයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. සෙම් ආසාදන රෝග මතුවෙයි.
ශුභ වර්ණය – රතු, ජය අංකය – 09
ධනු
ක්‍රියාකාරි දිනකි. ආගමික උත්සව සංවිධාන කිරීම් යෙදේ. පුද පූජා වතාවත්වල යෙදෙන අතර උත්සව සාද වැනි දේවලට ද හේතුයි. ඥාතීන් අතර සුහදතාව ඇතිවන ක්‍රියා යෙදේ. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ.
ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 09
මකර
ක්‍රියාකාරකම් බහුලයි. ගමන් බිමන් යෙදේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. දාන ශීලාදී ගුණ ධර්මවල ද යෙදේ. තරමක් මනසට වධදෙන ක්‍රියා සමනය වෙයි. වාත රෝග, පාද ආබාධ මතු කරයි.
ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08
කුම්භ
ක්‍රියාශීලි දිනකි. දාන ශීලාදී ගුණ ධර්මවල යෙදේ. ආධ්‍යාත්මික ගුණ වගාවන්වල යෙදෙන අතර දුරගමන් යෙදේ. ඥාති මිත්‍රාදි සබඳතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. මෞත්‍රලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි.
ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 05
මීන
සහනදායි සිතුවිලි මත දවස ගෙවයි. ආධ්‍යාත්මික ගුණවගාවන් හි යෙදේ. ආගමික පුද පූජා ද ගරු කරයි. පොදු උත්සව සාද වැනි දේහි යෙදේ. හදිසි ධන සම්පත් ලාභ ද ලබයි. ඉදිමුම් රෝග, මුත්‍රා ආසාදන මතු කරයි.
ශුභ වර්ණය – දම්, ජය අංකය – 01
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026