සාම පා ගමනේ සමාප්තිය
දින 7ක් පුරා පවත්වන ලද ‘ජාත්‍යන්තර සාම පා ගමන Global Walk for Peace Sri Lanka නිමාකර නිදහස් චතුරස්‍රයට ළඟා වූ පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ප්‍රධාන ඇමෙරිකානු දූත පිරිස වෙත ජය ශ්‍රී මහා බෝධියේ අංකුරයක් ප්‍රදානය කිරීම රාජතාන්ත්‍රිකව ඊයේ (28දා) සවස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදුකෙරිණි.
පා ගමනේ යෙදුණු භික්ෂුන් පිරිස සවස 4.30 පැයට නිදහස් චතුරස්‍රයට ළඟා වූ අතර එහිදී ඔවුන් උණුසුම් අන්දමින් පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජය ශ්‍රී මහා බෝධි ශාඛාව පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් වෙත ප්‍රදානය සිදුවිය.
එම අවස්ථාවට පඤ්ඤාකර හිමියන්ගේ ගුරුහිමියන් වන ටෙක්සාස් ‘හ්වැන්ග් ඩාවෝ’ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය රතනගුණ හිමියන්, සාම පා ගමනේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවිධායක ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමියන් ඇතුළු සාම පා ගමන් කණ්ඩායම ද ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක් ද සහභාගි වූහ.
සටහන – ජගත් කණහැරආරච්චි සහ චතුර පමුණුව
ඡායාරූප – සුජාතා ජයරත්න සහ ප්‍රභාත් මංජුල ගුණසේකර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
විදෙස් ණය ගෙවීමට තිබු මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර් අතට!
April 23, 2026
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
ලෝකාන්තයට කෙටි පාරක්
April 23, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටෙන් දනන් සුවපත් වී ලොවට සාමය උදාවේවා