informations
Facebook
WhatsApp
මෝටර් රථ හිමිකරුවන්ට එහි රක්ෂණ ගෙවීම් පියවීම සදහා රක්ෂණ සමාගම් විසින් ලපාදී ඇති කාලය දින 30ක් දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCS) තීරණය කර ඇත. ඒ සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව මෙම සංශොධනය මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මකය
එ අනුව මින් පෙර මෝටර් රථ හිමියන්ට තමන්ගේ මෝටර් රථයේ රක්ෂණ ගෙවීම පියවීම සඳහා දින 60 සිට 90 දක්වා ණය කාලයක් ලබා දී තිබුනත් මෙම නව සංශෝධනය අනුව මසක් ඇතුලත එනම් දින 30ක් ඇතුලත සිය රක්ෂණ ගෙවීම පියවීමට මෝටර්රථ හිමිකරුවන්ට සිදුවේ.
එමෙන්ම ඉදිරියේදී මෙම ණය කාලය අහෝසි කිරීමටද පියවර ගන්නා බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පසුගියසා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කිරීමද විශේෂත්වයකි.