ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ඊට අදාල ගසට් නිවේනය නිකුත් කර ඇත .
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක විසින් ඊයේ (28) දිනැතිව නිකුත් කර ඇති එම නිවේදනයට අනුව විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම්, සෞඛ්‍ය සේවාවට අදාළ සියලු සේවාවන්, පොදු ගමනාගමන සේවා ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් වෙයි .
දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන මෙරට මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා සේවා පවත්වාගෙන යාම සඳහා මෙම හදිසි අවස්ථා තත්ත්වය පනවන ලදි .
???? Copy Post URL
මහජන හදිසි අවස්ථා තත්ත්වය නැවතත් දීර්ඝ කරයි.