Advertisements
Advertisements
රනිල්ට එරෙහිව අධිචෝදනා.. අධිකරණයෙන් නියෝගයක්
April 29, 2026
0 Comments
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපොළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) දින යළි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවයි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස (08) වනදා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියම කළේය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී සිටියේ, එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බවයි.
පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ නම් කරනවා දැයි අධ්‍යයනය කරමින් සිටින බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
රනිල්ට එරෙහිව අධිචෝදනා.. අධිකරණයෙන් නියෝගයක්