Advertisements
Advertisements
සාමය වෙනුවෙන් ඉරානයට සියලුම සහාය ලබාදෙනවා – ජනපති පුටින්
April 29, 2026
0 Comments
ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ සාමය සහතික කිරිමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාවේ සංචාරයකට එක්වී සිටින ඉරාන විදේශ ඇමති අබ්බාස් අරශ්චි සාන්ත පීටර්ස්බර්ග් නුවරදී මුණ ගැසුණු රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
සිය නිජබිමේ ස්වෛරීභාවය වෙනුවෙන් ඉරාන ජනතාව ධෛර්යමත්ව සහ නිර්භීතව සටන් කරන බවත් මේ දුෂ්කර කාලපරිච්ඡේදයෙන් පසු ජනතාවට සාමය උදාවනු ඇතැයි විශ්වාස කරන බවද රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පසුගිය සතියේදී ඉරාන උත්තරීතර නායක මොප්ටබා කමේනිගෙන් පණිවුඩයක් ලැබුණු බව සඳහන් කර ඇති රුසියානු ජනාධිපතිවරයා, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව දැනුම් දෙන ලෙසත් විදේශ ඇමතිවරයාට දැනුම්දී ඇත.
ඉරානය සමඟ උපායමාර්ගික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑම රුසියාවේ බලාපොරොත්තුව බවද ජනාධිපති පුටින් ප්‍රකාශ කර ඇත.
උපායමාර්ගික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඉරානයේ අපේක්ෂාව බව මෙහිදී අබ්බාස් අරශ්චි ප්‍රකාශ කර ඇති අතර අමෙරිකාවේ ඉල්ලීම මත නැවත සාකච්ඡා පැවැත්වීම සම්බන්ධව ඉරානයේ අවධානය යොමුවී ඇතැයි ද ප්‍රකාශ කර ඇත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
සාමය වෙනුවෙන් ඉරානයට සියලුම සහාය ලබාදෙනවා – ජනපති පුටින්