Advertisements
Advertisements
විදෙස්ගතව සැඟව සිටින හෝමාගම ගගනගේ වෙඩික්කරු අත්අඩංගුවට
April 29, 2026
0 Comments
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘හෝමගම ගගන’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ බවට සැක කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස්ගතව සැඟව සිටින ‘හෝමගම ගගන’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකළ මෙම සැකකරු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී, බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්තාවේදි ඔහු සතුව තිබී ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 05ක් සොයාගෙන ඇත.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 41 හැවිරිදි කොඩිතුවක්කු කම්කානම්ගේ ලසන්ත නොහොත් ‘අංජු’ නමැත්තා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
විදෙස්ගතව සැඟව සිටින හෝමාගම ගගනගේ වෙඩික්කරු අත්අඩංගුවට