මෛත්‍රීත් සැකකාරියක කරනවාද අධ්‍යයනය කරනවා
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට දැනුම් දෙයි
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අධි චෝදනා ගොනු කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. ලබන ජූලි මස 08 වැනිදා ඊට පියවර ගන්නා බවද පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී සිටියේය.
මෙම පැමිණිල්ලේ සැකකාරියක ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නම් කරනවාදැයි අධ්‍යයනය කරමින් සිටින බවත් දිලීප පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.
අදාළ සැකකරුවන්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ තම සේවාදායකයාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයේ පෙනී නොසිටින බවයි.
සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේය.
එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහි අනෙක් සැකකරු වන හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටියේය.
මෙම නඩුව ලබන ජූලි 08 තෙක් කල් තැබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026