මාලිමාව – ජනපති ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී සහ මහරගමදී
සජබ – මාලිගාවත්තේදී
ශ්‍රීලනිප – කැම්බල් පිටියේදී
එජාප – පොහොට්ටුව ආගමික වතාවත්වල
පෙරටුගාමී – හයිඩ් පිටියේදී
කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය මෙවර නෑ
මහජන පක්ෂය – කුරුණෑගලදී
‘ජන රජයට ජන බලයක්’ තේමාව යටතේ ජාතික ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන මැයි රැලි දෙක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේදී සහ මහරගමදී පැවැත්වේ. මීට සමගාමීව දිස්ත්‍රික්ක 21 ක ද මැයි රැලි පැවැත්වේ.
සමගි ජන බලවේගය පක්ෂයේ මැයි රැලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ‘පච මදිවට හොරු එළවන විපක්ෂයේ මැයි රැලිය’ තේමාව යටතේ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී සවස 3.00 ට පැවැත්වේ.
ජාතික ජන බලවේගයේ මැයි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (01දා) පෙරවරු 10.00 ට නුවරඑළිය සිනසිටා ක්‍රීඩාංගණයේදී සහ සවස 5.00 ට මහරගම නගරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය සවස 3.00 ට කැම්බල් පිටියේදී පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින සැමරුම් නොපවත්වන අතර ඒ වෙනුවට ආගමික වතාවත්වල නිරත වීමට තීරණය කර ඇත. “අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි, වැඩකරන ජනතා බලයක්” තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන මැයි දින රැලිය මැයි 01 දා පස්වරු 1.00 ට මරදාන මාලිගාකන්ද වයිට් පිටියෙන් ආරම්භ වී එදින සවස 3.00 ට හයිඩ් පිටියේදී රැස්වීම පැවැත්වේ.
මෙහිදී කම්කරු අරගල මධ්‍යස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, විප්ලවවාදී ශීර්ෂ සංගමය වෙනසක තාරුණ්‍යය යන සංවිධානවල නියෝජිතයන් රැලිය ඇමතීමට නියමිතය. නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මැයි රැලිය “කම්කරු පංති බලයක් වෙනුවෙන් සටන් වදින” තේමා යටතේ සවස 4.00 ට කොස්ගස් හන්දියේදී පැවැත්වේ.
ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (සී.එම්.යූ.) නායක බාලාතම්පෝ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 03, බාලාතම්පෝ පටුමගේ සිට පෙරවරු 9.00 ට පෙළපාළියකින් ගොස් නැවත සී.එම්.යූ. පරිශ්‍රය දක්වා පැමිණ රැස්වීම පැවැත්වේ. සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් වෙනදා පැවැත්වෙන කම්කරු කොංග්‍රස් මැයි රැලිය මෙවර නොපැවැත්වේ.
සමගි ජන බලවේගය මැයි රැලිය ආරම්භවීමට පෙර හෙට පෙරවරුවේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ස්මාරකයට සහ අලුත්කඩේ ශාන්ත සෙබස්තියන් පිළිරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ‘වැඩබිමට මල්මිටක්’ තේමාව යටතේ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඇතුළු පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සවස 2.00 ට කුරුණෑගල නගර ශාලාවේදී පැවැත්වේ.
චමින්ද සිල්වා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මැයි දින සැමරුමට සියලු පක්ෂ සූදානම්: රට පුරාම හෙට රැලි රැසක්