ඩයගම සිට හැටන් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් දික්ඔයදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 25 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයකු මියගොස් 30 ක් පමණ තුවාල ලදහ.
තුවාල ලැබූවන් අතර වැඩිහිටියන් මෙන්ම පාසල් දරුවෝ ද වෙති. තුවාල ලැබූවන් දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූ කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ඊයේ පස්වරුවේ දික්ඔය බටගල්ලවත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. බස් රථය තුළ 35 දෙනකු පමණ ගමන් කර තිබූ අතර බස් රථයේ රියැදුරු හා කොන්දොස්තර තුවාල ලැබූවන් අතර වෙති. බරපතළ තත්ත්වයෙන් පසුවූ තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුළත් කරති.
හැටන් පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවතිවයි.
නුවරඑළිය – නාලක රත්නායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
ඩයගම සිට හැටන් ගිය බසය දික්ඔයදී ප්රපාතයට අයෙක් මරුට: 30 ක් රෝහලේ