අවසන් තීරණය මැයි 9 දා
2026 දෙවැනි හා තෙවැනි කාර්තු සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලිඛිතව හා වාචිකව විමසීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර ඇත.
ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ඉදිරි විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය 2026 මැයි 09 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව තවදුරටත් මෙසේ ද කියා සිටී.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් 2026 වසරේ දෙවැනි හා තෙවැනි කාර්තු සඳහා විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම 2026 අප්‍රේල් 27 වැනි දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. මෙම පිරිවැය ඇස්තමේන්තුව පදනම් කරගෙන ක්‍රියාවට නැඟීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ උපදේශන පත්‍රිකාවේ පහත සඳහන් කරුණු අඩංගු කර ඇත.
රුපියල් බිලියන 15ක රජයේ සහනාධාරය මැයි 10 සිට විදුලි පාරිභෝගිකයන්ට ලබාදීම ගෘහස්ථ සහ ආගමික සිද්ධස්ථාන ඇතුළු විදුලි පාරිභෝගිකයන් සියයට 95කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ. පොදු කාර්ය, රාජ්‍ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනුකාණ්ඩ සඳහා ද ගාස්තුව ඉහළ නොදැමීමට නිර්දේශ, කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සඳහා ද විදුලි ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ, ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් සිදුවන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුළත් නොකිරීම තවදුරටත් තහවුරු කිරීමේ පියවර
2026 වසරේ දෙවැනි හා තෙවැනි කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගමට රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇස්තමේන්තු කර තිබේ. මෙම හිඟය තුළ ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැත. සමස්ත හිඟයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් ලබාදීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය විසින් කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා ඇත.
නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම ඉදිරිපත් කළ විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව විසින් සකස් කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්‍රිකාව ඊයේ (29දා) ප්‍රකාශයට පත්කෙරිණි. එම උපදේශන පත්‍රිකාව පරිශීලනය කර සියලුම පාර්ශ්වයන්ට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය. 2026 මැයි 6 වැනි දින දක්වා ලිඛිත අදහස් හා යෝජනා භාර ගන්නා අතර වාචික අදහස් දැක්වීමේ සැසිය 2026 මැය් 06 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වේ. අදහස් හා යෝජනා තැපෑලෙන් ඊ මේල්, වට්ස් ඇප් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැකිය. වාචික අදහස් දැක්වීම සඳහා පූර්ව ලියාපදිංචිය අවශ්‍ය පරිදි වන අතර දුරකථන අංක 0764271030 අමතා ලියාපදිංචි විය හැකිය.
2026 වසරේ විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා පහත ආකාරයන් ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.
තැපෑලෙන්
2026 විශේෂ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපදේශනය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව,
6 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන,
ශාන්ත මයිකල් පාර, කොළඹ 3.
ඊමේල් :(
[email protected]
)
ෆැක්ස්: 0112392641
වට්ස් ඇප්: 0764271030
වැඩිදුර විස්තර සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් (0772943193) අමතන්න.
චමින්ද සිල්වා
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026