බේකරි කෑම මිල වෙනසක් නෑ
සංගමය කියයි
තිරිඟු පිටි මිල ඊයේ (29දා) සිට ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසයි.
ඒ අනුව, ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් හතරකින් ඉහළ දමා ඇත.
මීට පෙර රුපියල් 220 ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක මිල, රුපියල් 224 ක් දක්වා ඉහළ දමා තිබේ.
නිෂ්පාදන හා ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මෙලෙස තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සිදුවූ බව ප්‍රීමා සමාගම නිවේදනය කරයි.
මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමූවද, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති, එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (29දා) පැවසීය.
සුජීව තත්සර, නාලක රත්නායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026