2 ක් චීවරධාරීන් – අනෙකා මුස්ලිම් ජාතිකයෙක්
චීවරධාරීන් යොදාගෙන තායිලන්තයේ සිට ශ්‍රී ීලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රධාන පෙළේ චීවරධාරීන් දෙදෙනකු සහ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම චීවරධාරීන් දෙදෙනා සහ මුස්ලිම් ජාතිකයා තායිලන්තයේ බැංකොක් නගරයේ සැඟවී සිටින නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.
විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම මත්ද්‍රව්‍ය තොග ගමන්මලුවල අසුරා තායිලන්තයට පැමිණෙන චීවරධාරීන්ට ලබා දී ඇත්තේ එරට සැඟවී සිටිමින් මෙම ජාවාරම මෙහෙයවන චීවරධාරීන් දෙදෙනා විසින්ය.
මෙම ජාවාරම ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවන පුද්ගලයා අතුරුගිරිය ප්‍රදේශයේ සුපිරි නිවසක සැඟවී සිටියදී පොලිසිය මගින් පෙරේදා (28දා) අත්අඩංගුවට ගෙන තිබිණි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුළු සේවකයකු ලෙස රැකියාව කරන මෙම පුද්ගලයා කාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇත.
හේමන්ත රන්දුණු
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
තමිල්නාඩු ඡන්ද බැනර් යාපනයේත්
April 23, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026