Sinhala
Facebook
Twitter
Pinterest
WhatsApp
2026 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ Peshawar Zalmi පසුගිය 28 වැනි දා සමත් වුනා.
මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් Peshawar Zalmi අවසන් මහා තරගය වෙත රැගෙන යාම සඳහා ලබා දුන් දායකත්වය ඉතා විශේෂ එකක් ලෙස සැලකිය හැකි.
මෙවර PSL තරගාවලියේ මූලික වටයේ දී Peshawar Zalmi කණ්ඩායම තමන් නියෝජනය කළ තරග 10න් 08ක් ජය ගැනීමට සමත් වූ අතර, ඔවුන් පරාජය වුනේ එක් තරගයක් පමණයි. එම කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙමින් Qualifier තරග වටය සඳහා සුදුසුකම් ලැබූ අතර, එහි දී ද විශිෂ්ට දස්කම් දක්වමින් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
2026 PSL
තරගාවලිය තුළ කුසල් මෙතෙක් දැක් වූ දක්ෂතා
මෙවර තරගාවලියේ දී මෙන්ඩිස් විසින් එක් ශතකයක් සහ අර්ධ ශතක 04ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. එමෙන්ම මේ දක්වා තරගාවලිය තුළ ඔහු ලකුණු 10ට වඩා අඩුවෙන් වාර්තා කර ඇත්තේ එකම එක අවස්ථාවක දී පමණයි. මෙතෙක් තරගාවලියේ දී මෙන්ඩිස්ගේ පිතිකරණ දක්ෂතා.
Date
Opposition
Venue
Runs
Balls
SR
Mar 28
Rawalpindi
Peshawar
31
17
182.35
Apr 8
Hyderabad
Hyderabad
27
23
117.39
Apr 9
Karachi Kings
Karachi
109
52
209.62
Apr 11
Lahore Qalandars
Lahore
74
48
154.17
Apr 13
Multan Sultans
Multan
68
40
170.00
Apr 15
Quetta Gladiators
Peshawar
21
19
110.53
Apr 19
Quetta Gladiators
Peshawar
83
44
188.64
Apr 22
Karachi Kings
Lahore
80*
43
186.05
Apr 25
Lahore Qalandars
Lahore
7
7
100.00
Apr 28
Islamabad Utd
Karachi
41
26
157.69
ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
Peshawar Zalmi කණ්ඩායම නියෝජනය කරමින් මෙවර PSL තරගාවලියේ තරග 10ක් පිතිකරණයේ යෙදුණු මෙන්ඩිස් විසින් 60.11ක පිතිකරණය සාමාන්‍යයක් සහ 169.59ක ප්‍රහාරාත්මක වේගයක් ද සමඟ ලකුණු 541ක් රැස් කිරීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු විසින් විදෙස් ක්‍රිකට් ලීගයක එක් තරග වාරයක වාර්තා කිරීමට සමත් වූ ඉහළම ලකුණු ප්‍රමාණය බවට ද මෙය පත් වූ අතර, මීට පෙර එම වාර්තාව සුපිරි පිතිකරු සනත් ජයසූරිය සතු වුනා.
2008 IPL තරගාවලියේ දී සනත් විසින් Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් ඉනිම 14ක දී ලකුණු 514ක් ලබා ගැනීමට සමත් වුනේ පිතිකරණය සාමාන්‍යය 42ක රඳවා තබා ගනිමිනුයි.
එමෙන්ම මෙතෙක් PSL ඉතිහාසය තුළ වෙනත් කිසිදු විදෙස් පිතිකරුවකු හෝ ලකුණු 500 සීමාව ඉක්මවමින් ලකුණු ලබා ගැනීමට සමත් වී නොමැති අතර, මේ වන විට මෙන්ඩිස් ලබා ඇති ලකුණු ප්‍රමාණය PSL තරගාවලියක පිතිකරුවකු විසින් වාර්තා කළ 07 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වී තිබෙනවා.
මෙන්ඩිස් සමඟින් Peshawar Zalmi ශක්තිමත් කිරීමේ වගකීම බාර ගත් නායක Babar Azam මෙම ලැයිස්තුවේ පෙරමුණේ පසු වන්නේ ලකුණු 588ක් සමඟිනුයි. මෙම ලකුණු ප්‍රමාණය ද මෙවර තරගාවලිය තුළ වාර්තා වීම තවත් සුවිශේෂී කාරණයක්.
කුසල් – බාබර් සුසංයෝගය
මෙවර තරගාවලිය තුළ Peshawar Zalmi කණ්ඩායම මෙතරම් සාර්ථක වීමේ ප්‍රධාන හේතුව ලෙස මෙම සුසංයෝගය හඳුනාගත හැකි.
Babar Azam ඉනිම ආරම්භක පිතිකරු ලෙස මෙන්ම, කුසල් මෙන්ඩිස් අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසෙන අතර, ඔවුන් මෙවර තරගාවලියේ ඉනිම් 08ක දී ඔවුන් දෙදෙනා පිතිකරණ සබඳතාවන් ගොඩ නැගීමට සමත් වූ අතර, එහි දී ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 641ක් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා.
මේ අතරින් Karachchi Kings කණ්ඩායමට එරෙහිව ඔවුන් දෙදෙනා විසින් ගොඩ නැංවූ ලකුණු 191ක අති දැවැන්ත සබඳතාව PSL ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩ නැංවූ ඉහළම පිතිකරණ සබඳතාව ලෙසයි වාර්තා අතරට එක් වුනේ.
මීට අමතරව ඔවුන් දෙදෙනා මෙවර තරගාවලිය තුළ තවත් ශතක සබඳතා ද්විත්වයක් ගොඩ නැංවීමට සමත් වූ අතරම, එක් අර්ධ ශතක සබඳතාවක් ද ගොඩ නැංවීමට සමත් වීම විශේෂත්වයක්. එමෙන්ම මෙම පිතිකරණ සබඳතා සැලකීමේ දී එක් ඉනිමක් වෙනුවෙන් සාමාන්‍ය අගය 80.13ක් වැනි ඉහළ අගයක රැඳෙන අතරම, ඔවුන් මෙහි දී පන්දුවාරයකට ලකුණු 11.81ක සාමාන්‍යයක් ද රැක ගැනීමට සමත් වී තිබෙනවා.
සියල්ල අතරේ කැපී පෙනෙන මෙන්ඩිස්
කුසල් මෙන්ඩිස් මෙවර PSL තරගාවලිය සමඟ කැපී පෙනුණු අවස්ථා කිහිපයක් පහතින්;
Karachchi Kings කණ්ඩායමට එරෙහිව රැස් කළ ලකුණු 109ත් සමඟ ඔහු PSL තරගාවලියක ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වුනා.
පන්දු 48ක් තුළ වාර්තා වූ එම ශතකය Peshawar Zalmi කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයකු වාර්තා කළ වේගවත් ම ශතකය ලෙස වාර්තා අතරට එක් වුනා.
එහි දී Babar Azam සමඟ පැවැත්වූ ලකුණු 191ක සබඳතාව PSL ඉතිහාසයේ හොඳම පිතිකරණ සබඳතාව ලෙස සටහන් වුනා.
මෙවර PSL තරගාවලියේ ලකුණු 250 ඉක්මවා ලකුණු රැස් කළ පිතිකරුවන් අතුරින් හොඳම ප්‍රහාරාත්මක වේගය මෙන්ඩිස් සතු වනවා.
තරගාවලියේ ලකුණු 100 ඉක්මවා රැස් කළ පිතිකරුවන් අතුරින් දෙවැනි හොඳම පිතිකරණ සාමාන්‍ය සහ (Babar Azamට දෙවැනි වෙමින්) කුසල්ට හිමි වී තිබෙනවා.
තරගාවලියේ පිතිකරුවකු විසින් ඉනිමක ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණයේ හිමි කරුවා. (ලකුණු 109)
තරගාවලියේ වැඩිම අවස්ථා ප්‍රමාණයක ලකුණු පනහා ඉක්මවූ ක්‍රීඩකයා (සම වාර්තාව) වීමට ද කුසල් සමත් වී තිබෙනවා. (අවස්ථා 05)
තරගාවලියේ දෙවැනියට වැඩිම හයේ සහ හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා. (මෙන්ඩිස් හයේ සහ හතරේ පහර 73ක් එක්ක කර ඇති අතර, Babar Azam 75ක් එල්ල කර තිබෙනවා.)
තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා (සම වාර්තාව, හයේ පහර 23)
මේ අයුරින් කුසල් මෙන්ඩිස් විසින් 2026 IPL තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම ඔහුට මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීමට තවත් එක් තරගයක් ඉතිරි වී ඇති අතර (එළඹෙන මැයි 03 වැනි ඉරිදා), එම තරගයේ දී ඔහුට මෙම වාර්තා තවත් වෙනස් කිරීමට මෙන්ම, තම සුපිරි පිතිකරණ රටාව සමඟින් Peshawar Zalmi කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී අවසානයක් ලබා දීමට ද අවස්ථාව හිමි වනු ඇති.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>
තවත් ක්
රිකට් පුවත් සඳහා පිවිසෙන්න
<<
පාකිස්තානය දෙසින් හමන මෙන්ඩිස් මාරුතය