මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම්, ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වාට බලය ඇතැයි ෆ්‍රී ලෝයර්ස් සංවිධානය වෙනුවෙන් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසනවා. නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ පිළිබඳව පවසා සිටිනවා.
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම හෙට දින පාර්ලිමේන්තු මුදල් කමිටුව වෙත නොපැමිණෙන බව ලිඛිතව දන්වා තිබුණත් ඔහු එය ලිඛිත දැනුම්දීමක් මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේ දී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝණය කරන්නේ නම්, ඒ පිළිබඳව දඩුවම් ලබාදීමට ප්‍රතිපාදන සපයා ඇත්තේ 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ බවයි රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ.
ඒ අනුව, මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට සභාපතිවරයාට බලය ඇති අතර, එසේ කැඳවීමකට නොපැමිණෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර හා දඩුවම් බලතල හා වරප්‍රසාද පනතේ ‘ආ කොටස ‘ 1, 2, 3 උපලේඛනයේ ආ කොටසේ වගන්ති යටතේ දක්වා ඇති බවයි ඔහු පවසන්නේ.
එම වරද වලට පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දඩුවම් කළ යුතු වරදක් බව පවසන හිටපු ආණ්ඩුකාරවරයා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඩුවම් දෙකටම යටත් කළ හැකි බවයි පවසා සිටියේ.
ඒ අනුව, හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔවුන්ට 1953 අංක 21 දරණ පාර්ලිමේන්තු බලපත හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සිය මුදල් ලේකම්වරයා මුදල් කමිටුවට සහභාගි නොකිරීමට තීරණය කිරීමෙන් ආණ්ඩුව දුෂණය, වංචාව, අක්‍රමිකතා විරෝධයේ ‘සුජාත භාවය අහිමි කර ගන්නා බවත් , ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර, පාර්ලිමේන්තු කමිටු සතු බලය හෑල්ලුවට ලක් කර නොමැති බවයි හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් පවසන්නේ.
මුදල් කමිටුව පැමිණීමට දැනුම් දී තිබිය දී යම් අයෙකු නොපැමිණෙන්නේ නම්, කමිටු සභාපතිවරයා තවදුරටත් එම කමිටු සභාපති ධූරය දැරීම/ඉල්ලා අස්වීම හෝ දඬුවම් කිරීම යන තෝරා ගැනීම් දෙකෙන් එකක් සිදු කර පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතුව ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් මුදල් ලේකම්ට දඩුවම් කළ යුතුය- ෆ්‍රී ලෝයර්ස්