පක්ෂ ප්‍රතිපත්තිය අනුව පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉරාන් වික්‍රමරත්නට මහතා වෙත ඊයේ (29) ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට වික්‍රමරත්න මහතා ගනු ලැබූ තීරණය භාරගනිමින් ඊට පිළිතුරු ලිපියක් යොමුකරමිනුයි ඔහු මේ බව දැනුම්දී ඇත.
සෑම අවස්ථාවකදීම පක්ෂයේ ප්‍රතිපත්තිය වූයේ සියළුම ක්‍රීඩා සංගම් නිර්දේශපාලනය විය යුතු බවත්, එහි තනතුරු දේශපාලනයට සම්බන්ධ අය විසින් නොදැරිය යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තවදුරටත් සිය පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම පක්ෂ ප්‍රතිපත්තියට පටහැනි බැවින් සදාචාරාත්මකව කළ යුතු වන්නේ, පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉල්ලා අස්වීම ද බවත් එහි සඳහන් කර ඇත.
ඒ අනුව එසේ කටයුතු කරන ලෙසත් අදාල ලිපියෙන් ඉරාන් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
පක්ෂ සාමජිකත්වයෙනුත් අස්වෙන්න – සජබය ඉරාන්ට දන්වයි