ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේල ජනාධිපතිවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදුකළ ආරාධනයක් අනුව බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවල ඊයේ (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තමා එම වගකීම භාරගැනීමට තීරණය කළ බවද නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. නිර්මල ප්‍රතිරූපයක් සහ මනා පළපුරුද්දක් සහිත පුද්ගලයන් නව දෙනෙකුගෙන් යුත් කමිටුවකට නායකත්වය දීමට ලැබීම මා ලද ගෞරවයකි.
රොෂාන් මහානාමල සිදත් වෙත්තමුනිල කුමාර් සංගක්කාරල තුෂිර රදැල්ලල අවන්නි කොළඹගේල ප්‍රකාශ් ෂාෆ්ටර්ල උපුල් කුමාරප්පෙරුම හා ඩිනාල් පිලිප්ස් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත මෙම කණ්ඩායමල ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨත්වයල ආයතනික කළමනාකරණය සහ නීතිමය ප්‍රවීණතාවයේ දුර්ලභ සංකලනයක් නියෝජනය කරයි.
අපගේ කමිටුවේ එකම සහ අවංක අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාවය යළි ස්ථාපිත කිරීමයි.
පහත සඳහන් ප්‍රධාන කුළුණු දෙක ඔස්සේ අපි මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙමු.
1. ප්‍රශස්ත පාලනය නංවාලීම
අපගේ මූලික ප්‍රමුඛතාවය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමයිග මෙහි මූලික පියවර ලෙසල ක්‍රීඩාව සඳහා ශක්තිමත් සහ නූතන පදනමක් සපයන යෝජිත නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමුග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ :ෂක්‍ක්‍* රීතීන්ට පූර්ණ ලෙස අනුකූල වෙමින්ල විනිවිදභාවයල දූෂණ විරෝධය සහ වෘත්තීයවේදීත්වය ආයතනයේ පදනමටම බද්ධ කිරීමට අපි කැපවී සිටිමුග දක්ෂතාවයට මුල්තැන දෙන සහ මූල්‍ය වගකීම් සහිත සංස්කෘතියක් ඇති කිරීම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීම අපගේ අරමුණයි.
2. පිටිය තුළ විශිෂ්ඨත්වය
පරිපාලනමය විශිෂ්ඨත්වය යනු ක්‍රීඩක දක්ෂතාවල පදනමයිග ජාතික කණ්ඩායම් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහයන්ල ලෝක මට්ටමේ පහසුකම් සහ දිරිගැන්වීමේ ක්‍රමවේදයන් සැකසීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමුග අපගේ ඉලක්කය වන්නේ ක්‍රීඩකයන්ට අඛණ්ඩව ලෝක මට්ටමේ දක්ෂතා දැක්වීමට මග පාදාදෙමින්ල ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම තලයට යළි රැගෙන ඒමයි’.
පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම ඉන් පසුවත් මම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූවෙමිග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය යහපත් මගට හැරවීමට නායකත්වය දීමට ලැබීම මා ලද භාග්‍යයක් වන අතර මම එය ඉතා බැරෑරුම් වගකීමක් ලෙස සලකමි.
මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ සහයෝගය සහ නිර්මාණාත්මක විවේචන මම අපේක්ෂා කරන අතරල ඔබගේ ඉමහත් උද්‍යෝගයට සාධාරණයක් ඉටු කරමින් ස්ථිරසාර ප්‍රතිඵල ලබා දීමට මම ප්‍රතිඥා දෙමි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සාධාරණ පරීක්‍ෂණයකට ඉඩදී අස්වෙනවාද?
April 24, 2026
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026