ලාංකිය සිනමාව
ඇය ඔබට බාරයි නිපදවූයේ අම්මා වෙනුවෙන්
by
mavan
April 30, 2026
April 30, 2026 12:27 pm
0 comment
Share
0
Facebook
Twitter
Tumblr
VK
Whatsapp
Email
2
1990 වර්ෂයේ තිරයට ආ දයානන්ද ජයවර්ධනයන්ගේ පෙම්රජ දහන චිත්‍රපටයත් මගේ සිනමා ජීවිතේ මතක සැමරුම් රාශියක් ඉතිරි කරපු චිත්‍රපටයක්. මම හිතන්නේ ඒ කාලේ හැටියට වැඩිම තරුණ නළු නිළි සංඛ්‍යාවක් රඟපාපු චිත්‍රපටයක් මේක.
කතාවේ හැටියට යුද සමය නිමාවට පත් වුණාම මේජර් වික්‍රමසිංහ (දයානන්ද ජයවර්ධන) විශාල බංගලාවක් මිලී ගෙන මුහුදුකරයට පදිංචියට එනවා. එයාගේ දයාබර බිරිඳ මැණිකේ (මැණිකේ අත්තනායක) තරුණ දියණිය මැණික් (මැණික් කුරුකුලසුරිය) සමඟ. රණබිමේ සිටි වීර සෙබළුන් හත් දෙනෙක් වන සාජන්ට් රණසිංහ (සනත් ගුණතිලක) සාජන් ජයතිලක (අමරසිරි කලංසුරිය) කෝප්‍රල් මාලන් (ජීවන් කුමාරතුංග) කෝප්‍රල් බණ්ඩාර (ක්ලීටස් මෙන්ඩිස්) කෝප්‍රල් රාජරත්නම් (ජයසේකර අපොන්සු) නිවාඩුවකට මේජර් වික්‍රමසිංහගේ නිවසට යනවා. ඒ යන්නේ ඔවුන්ගේ දයාබර බිරියන් වන ග්‍රේස් (ජෙරල්ඩීන් බණ්ඩාරනායක) ප්‍රියා (කාන්ති ලංකා) සාවිත්‍රී (ගීතා කාන්ති ජයකොඩි) මානෙල් (මානෙල් වානගුරු) රේඛා (අනෝජා වීරසිංහ) සමඟ.
මුහුදු මංකොල්කරුවන් පිරිසක් වන ෆ‍්‍රැන්සිස්කෝ (මර්වින් ජයතුංග) සෙබස්තියන් (විල්සන් කරු) ඇතුළු පිරිස කාලයක් තිස්සේම මුහුදුකරයේ ජීවත්වන අහිංසක මිනිස්සුන්ට අඩන්තේට්ටම් කරනවා. ඒ පිරිස පිළිබඳ මුල්ම ආරංචිය ලැබෙන්නේ මේ පිරිසේ සාජන්ට් ජයතිලකට. සාජන්ට් ජයතිලක මේ මුහුදුකරේ ජීවත්වන ගැමි තරුණියක් සමඟ පෙමින් බැඳෙනවා. ඒ තරුණිය පැහැරගෙන යෑමෙන් පස්සේ තමයි මේ කතාවේ සටන ඇවිලෙන්නේ.
මම රඟපාන්නේ මේ මුහුදුකරේ ගැමි තරුණියගේ චරිතය. ඉතාම අවිහිංසක මුහුදුකරයේ ජීවත්වෙන ගැමි චරිතයක් ඒක. මට ඒ වෙනුවෙන් අඳීන්න වෙන්නේ රෙද්ද හැට්ටේ. කාලෙකට පස්සේ නැවත වතාවක් කලං අයියා මගේ පෙම්වතා විදියට මේ චිත්‍රපටයේ රඟපානවා. ඇත්තටම දයානන්ද ජයවර්ධන බොහොම ලස්සනට මේ චිත්‍රපටයේ කතාව නිර්මාණය කරලා තිබුණා. මේ චිත්‍රපටයට ඉතාම ලස්සන ගීත කීපයකුත් ඇතුළත් වෙලා තිබුණා. යොවුන්විය ගත කරන රංගන ශිල්පිණියන් ශිල්පින් රාශියක් තමයි මේ චිත්‍රපටයට දයානන්ද ජයවර්ධනයන් එකතු කරගෙන තිබුණේ. චිත්‍රපටයේ රූ ගත කිරිම් කළේ අසූනමයේ කලබලකාරි වාතාවරණය තුළයි. චිත්‍රපටය රූ ගැන්වීම සිදුකෙරුණේ දකුණු පළාතේ මුහුදු තීරය අද්දරයි. අපිට නවාතැන් සපයලා තිබුණෙත් දකුණු පළාතේ තිබුණු විශාල හෝටලයක. අසූනමයේ කලබල කාලය නිසා මේ හෝටල් වල විදේශිකයන් ඇතුළු සංචාරකයන් හිටියේ නෑ. ඒ නිසා අපි ඉතාම නිදහස්කාමි ජීවිතයක් මේ චිත්‍රපටයේ දර්ශන ගතකිරිම් වලදි අත්වින්දා.
ඊට පස්සේ 90 දශකයේ මුලභාගයේදිම තමයි මට සුනිල් සෝම පීරිස් කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා මුණ ගැහෙන්නේ. ඔහුත් සමඟ මුලින්ම මම කරන්නේ ‘රන්හදවත‘ කියන චිත්‍රපටය. ඒ කාලයේ ඇත්තටම ඔහු කරපු චිත්‍රපට අතිශයින්ම ජනප්‍රිය වුණා. වාණිජ සිනමාවේ නමක් දිනාගත් අධ්‍යෂවරයෙක් හැටියට ඔහුව සැලකුවා. 90 දශකයේ අගභාගයේ නැවත වතාවක් මට ඔහුත් සමඟ වැඩ කරන්න ලැබෙනවා. ඒ මගේ අම්මා සහ මම එකතුවෙලා නිෂ්පාදනය කරන්නට යෙදුණු චිත්‍රපටය නිසා. ඒ තමයි ‘ ඇය ඔබට බාරයි ‘ චිත්‍රපටය. ඇය ඔබට බාරයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න අපි තෝරගත්තේ සුනිල්සෝම පීරිස්ව. මුලින්ම මම මාලිනි අක්කත් සමඟ චිත්‍රපට නිෂ්පාදනයට එක්වීම ගැන අම්මා හිටියේ නොසතුටින්. ඒකට හේතුව වුණේ ඒ වනවිටත් අම්මත් තිර රචනයක් ලියාගෙන බලන් හිටියා චිත්‍රපටයක් තරන්න. ඉතින් ඒක නොකර මාලිනි අක්කත් එක්ක චිත්‍රපට කරන්න ගිය එකට අම්මට හිත රිදෙන්න ඇති. කොහොම වුණත් අම්මගේ හිත සනසන්න හරි මම ආයෙත් වතාවක් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැහුවා. ඒ තමයි ‘ඇය ඔබට බාරයි. මේ චිත්‍රපටයේ තිර රචනය අපේ අම්මගේ චිත්‍රපටයට ගීත කිහිපයකුත් ඇතුළත් වුණා. නමුත් ඒවා රචනා කළේ අම්මා නොවෙයි. ලතා වල්පොල, සුජාතා අත්තනායක තමයි මේ චිත්‍රපටයේ ගීත ගායනා කළේ. සුනිල්සෝම පීරිස් අධ්‍යක්ෂවරයා විදියට අපට යෝජනා කරන්නේ පද්මසිරි කොඩිකාර විසින්. අම්මය් මමයි යොදවපු සල්ලි වගේම මේ චිත්‍රපටය සඳහා අපට සංස්ථාවෙන් ණය මුදලකුත් ලැබුණා. මම හිතන්නේ ඒ කාලේ හැටියට ණය මුදල ලක්ෂ හතක් අටක් විතර ඇති. ඒ ණය සියල්ල අපි ගෙව්වා. චිත්‍රපටයට සම්බන්ධ වුණු බහුතරයක් දෙනා අපිට කරපු සහයෝගයක් හැටියට මුදල් ගත්තෙත් නෑ. ඔවුන් හැමදෙනාම ඔවුන්ගේ චිත්‍රපටයක් විදියට තමයි මේ ගැන හිතලා වැඩ කළේ. අනෝජා වීරසිංහ එයාගේම ඇඳුම් චිත්‍රපටය වෙනුවෙන් ඇන්දා. සනත් රඟපානවට අමතරව ප්‍රඩක්ෂන් එකේ වැඩ කටයුතු සඳහාත් සම්බන්ධ වුණා. ඔහු තමයි සමහර අවස්ථාවල කෑම ටික ගේන්න පවා ගියේ. ඇත්තටම ඒ අතින් ඔහුට මම ගෞරව කරනවා. ඒ යුගය වනවිට ඔහු ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය නළුවෙක්. ඔහු කෑම ගේන්න යායුතු කෙනෙක් නොවෙයි. නමුත් ඔහු ඒවා ගණන් නොගෙන ඒ මොහොතේ කළ යුතු දේ කළා. සනත්ගේ මේ කැපවීම දැකලා සමහර අවස්ථාවල විජය අයියා මෙහෙමත් කිව්වා.
‘‘ අනේ මම අදනේ දන්නේ සනතුත් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක් කියලා….‘‘
ඉතින් ඒ වගේ කැපකිරීමක් , සුහදතාවයක් ඒ කාලේ අපි හැමදෙනා අතරම වර්ධනය වෙලා තිබුණා. නමුත් වර්තමානයේ නළු නිළියන් අතර තිබෙන විවිධ ප්‍රශ්න ගැන ඇහෙත්දි මට හිතෙනවා එදා අපි ගතකරපු ඒ කාලය කොයි තරම් සුන්දරද කියලා.
ඇය ඔබට බාරයි චිත්‍රපටයේ වැඩ කරගෙන යන අතරතුර තමයි විජය කුමාරතුංගයන් අපි අතරින් සමු ගන්නේ. ඇත්තටම විජයගේ මියයෑම අපිට දරා ගන්න බැරි තත්වයක් වුණා. අපි හැමෝම ඒ වෙනුවෙන් දුක්වුණා. මේ වෙලාවේ බොහෝ දෙනෙක් කිව්වා විජයට සමාන මුහුණක් ඇති නළුවෙක් ගන්න කියලා. ඇත්තටම විජයට සමාන නළුවන් ඉන්නවද? කියන ප්‍රශ්නය තමයි මෙතනදි පැන නැඟුණේ. සමහරු කිව්වා විජයගේ කටහඬට සමාන කෙනෙක් සම්බන්ධ කර ගන්න කියලා. තවත් සමහරු කිව්වා චිත්‍රපටය අතරමඟ නතර කරන්න කියලා. නමුත් මමවත්, අම්මවත් ඒවයින් සැලුණේ නෑ. විජයගේ හඬට, රුවට සමාන කෙනෙක් හොයන්න ගියෙත් නෑ. අපි මේ චිත්‍රපටයේ කතාව වෙනස් කළා. ඒ විදියට අවසාන හරිය වෙනස් කරන්න අපි ටෝනි රණසිංහයන්ගේ සහාය ලබා ගත්තා.
ලබන සතියේ චායා අත්දැකිම්…
හේමාලි විජේරත්න
Share
0
Facebook
Twitter
Tumblr
VK
Whatsapp
Email
previous post
Singing Star සමඟ හර්බට් එම්. සෙනෙවිරත්න ගුණ සැමරේ
You may also like
රවීන්ද්‍ර සහ මයිකල් එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රවීණ රංගනවේදී ශ්‍යාම් ප්‍රනාන්දු
April 23, 2026
රිවර්ස්ටන් විශේෂ දැක්ම
April 23, 2026
OIC ගඩාෆි විශේෂ දර්ශනය දා
April 23, 2026
ප්‍රේක්ෂකයන් ඉල්ලන දේ දෙනවා නිෂ්පාදක රාජ් රණසිංහ
April 23, 2026
පවන් රොදේ හමා ආ ආදරේ ‘කල්පනා’
April 23, 2026
චිත්‍රපට නිෂ්පාදකවරියක් වූ හැටි
April 9, 2026
ලාංකේය සිනමාවේ සදාතනික මුද්‍රාව : ලෙස්ටර් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 107 වැනි ජන්ම...
April 9, 2026
විනීතා එකතු කළ සේයා
April 9, 2026
“මැසේන්ජර්” කලළයක් වෙන්දේසියේ
April 9, 2026
හොල්මනකට බය වූ පළමු දවස
April 2, 2026
සුන්දරත්වයේ මායාව රිවස්ටන්
April 2, 2026
විජය අයියා මේ චිත්‍රපටයේ මා ලියූ දෙබස්වලට කැමැති වුණා
March 26, 2026
කාගෙද මේ ඇඳුම
March 26, 2026
මුවට හසරැල්ලක් හිතට සැනසිල්ලක සාජන්ට් පුංචිසෝම ්
March 26, 2026
Leave a Comment
Cancel Reply
Save my name, email, and website in this browser for the next time I comment.