සංවාද
රංගනය වෙනුවෙන් ඕනෑම දෙයක් දරා ගන්න මට පුළුවන්
රංගන ශිල්පී/ සහය අධ්‍යක්ෂ නිරුක්ෂාන් ඒකනායක
by
mavan
April 30, 2026
April 30, 2026 11:52 am
0 comment
Share
0
Facebook
Twitter
Tumblr
VK
Whatsapp
Email
9
සිනමා ක්ෂේත්‍රය යනු අති පුළුල් වූ ක්ෂේත්‍රයකි. එහිදී අධ්‍යක්ෂවරයා තරමටම භාරදූර වගකීම් රාශියක් දරා සිටින්නේ සහය අධ්‍යක්කවරයාය. බොහෝ විට සිනමා නිර්මාණයක අධ්‍යක්ෂවරයාටත් එහා ගිය දැවැන්ත වගකීම් රාශියක් තමාගේ කර පිටට ගෙන කටයුතු කරන්නේ සහය අධ්‍යක්ෂවරයාය. එවැනි දක්ෂ, කඩිසර සහය අධ්‍යක්ෂවරයෙකු ගැන කතා කිරීමට සරසවියට අවස්ථාව ලැබුණි. ඔහු නිරුක්ෂාන් ඒකනායකය. ඔහු රංගන ශිල්පියෙකු ලෙසද කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින්නෙකි. මේ කතාබහ ඔහුගේ කලා ජීවිතය ගැනය.
මම කලා ක්ෂේත්‍රයට ඇවිත් දැනට අවුරුදු පහළොවක් වෙනවා. ඒ සහය අධ්‍යක්ෂවරයෙකු විදිහට. කලා ක්ෂේත්‍රයට ආවේ නම් රංගන ශිල්පියෙකු වෙන්න හිතාගෙන. මම මුලින්ම රැකියාවක් කළා. මම බෝඩිං වෙලා හිටියේ. ඒ බෝඩිමේ යාළුවෙක් හිටියා දමිත් කියලා. අපි පත්තර ගේනවා බලන්න. ඒ පත්තරයක් කියවද්දී දැක්කා පොඩි දැන්වීමක්. නවක නළු නිළියන් බඳවා ගන්නවා කියලා. ඒක දාල තිබුණේ අධ්‍යක්ෂවරයෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙක්. දමිත් මාව ඒ පුද්ගලයාගේ වැඩමුළුව සඳහා උනන්දු කළා. මගේ හිතේ ආසාව නිසා මම ගියා. ඒත් එතරම් ප්‍රතිඵලයක් තිබුණෙ නැහැ එතන. සිදුවුණේ රස්තියාදුව පමණයි. හැබැයි ජතධඵඥ භන, ඹඪඤඥ කියන වචන ඉගෙන ගත්තා එතනින්. ඔහොම ඉන්න විට මගේ යාලුවා දමිත් කිව්වා උඹට මෙතන හරියන්ණේ නැහැ කියලා. ඔහු මාව නාට්‍යවේදී සහ සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ සුගත් සමරකෝන් කලාකරුවාණන් ව හඳුන්වා දුන්නා. ඒ 2009 අග භාගයේ. එතුමා මට විජය කුවේණී චිත්‍රපටයට සම්බන්ධ වුණා. මම ඔහුගේ වැඩමුළුවලට සම්බන්ධ වුණා. මට ඒ වටිනා අවස්ථාව ලබා දුන් මගේ මිතුරා දමිත්ව මම හරි ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා.
සුගත් සමරකෝන් කලාකරුවාණන් මට මුණ ගැසීම මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක්. ඔහුගේ කලා ජීවිතයට පනස් වසරක් සැමරීම පසුගියදා උත්සවාකාරයෙන් සැමරුවා. විජය කුවේණී චිත්‍රපටයෙන් පසු එතුමයි මෙතුමයි චිත්‍රපටයේ ගීතයකට රංගනයෙන් දායක වුණා.
මට ලැබුණ තවත් වටිනා අවස්ථාවක් තමයි ධර්ම යුද්ධය. පළමු චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාවක් ලැබීම. ඒ අවස්ථාව ලබා දුන්නේ සිරස එෆ් .එම් හි මුදලිගේ. ඔහු මට මෙහෙම කිව්වා.
” මල්ලී සිරසෙන් ෆිල්ම් එකක් කරනවා. ඔයා ර්‍ථපධඤභජබඪධද ර්චදචඨඥප විදිහට වැඩ කරන්න කියලා.
ඒ වගේ බැරෑරුම් කාරියක් කරන්න තරම් මට බැහැ. හැබැයි චරිතයක් තියෙනවා නම් මම කරන්න කැමතියි කියලා මම් කිව්වා. මට ඔඩිෂන් එන්න කිව්වා. මම ඒ සඳහා සහභාගී වුණා. මට අවස්ථාව ලැබුණා. ධර්ම යුද්ධය පළමු නිර්මාණයේ අධ්‍යක්ෂවරයා වුණේ චෙයියාර් රවී. කැමරා අධ්‍යක්ෂ වුණේ එස්. සරවනන්. එහිදී ජැක්සන් ඇන්තනී මහතා සමඟ වැඩ කරන්න ඉඩ ලැබුණා. පසුව ධර්ම යුද්ධය 2 සඳහාත් මට ආරාධනා ලැබුණා. ධර්ම යුද්ධය 2 මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන ෆ්ල්ම් එකක්. පළමු නිර්මාණයේදී රඟපාන විට ඇතිවූ බිය, චකිතය ධර්ම යුද්ධය 2 රඟපාද්දී තිබුණේ නැහැ. පළමු නිර්මාණයේ රඟපාන විට ඇතිවූ බිය, චකිතය ධර්ම යුද්ධය 2 රඟපාද්දී තිබුණේ නැහැ. පළමු නිර්මාණයේ වැඩ කළේ දෙමළ ශිල්පීන් නිසා විවිධ අපහසුතා මතු වුවත් ධර්ම යුද්ධය 2 දී එවැනි දෑ ඇතිවුණේ නැහැ. එහි අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන අයියා, බිමල් අයියා, සුනෙත් මාලිංග අයියාට මම ස්තූතිවන්ත වෙනවා මට ලබා දුන් සහයෝගයට.
ඉදිරියේදී අලුත් සිනමා නිර්මාණ කිහිපයක් සඳහා සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ලාල් වසන්ත තමයි පිටපත ලියන්නේ. කතාව මගේ. එය ලොකු කතා බහක් ඇතිවෙන නිර්මාණයක් වේවි. මම රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක් එන්න තියෙනවා. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂවරයාගේ සූරිය සුළඟ සහ ඔහුගේ තවත් හාස්‍ය මුසු චිත්‍රපටයක් තියෙනවා. සුරංග ද අල්විස් ගෙ චිත්‍රපටයේත් මම රඟපෑවා. එයත් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.
මගේ ස්වරූපය නිසා ඇතැම් චරිත නොලැබී ගිහින් තියෙනවා. ඒ රැවුල නිසා සහ කොණ්ඩය නිසා. මගේ ස්වරූපය වෙනස් කරගත්තේ අධධථ ව්ධ 106 වෙනුවෙන්.
මල්ලී උඹට කරන්න චරිතයක් තියෙනවා. රැවුලයි, කොණ්ඩෙයි වවපන් කියලා කිව්වා. ඒ නිසා මම ඒ උපදෙස් පිළිපැද්දා. පසුව රොන් ටෙලි නාට්‍යයේත් මේ ස්වරූපයෙන් රඟපෑවා. ඉන්පසු මට හිතුණා මේ ස්වරූපය මට ගැළපෙනවා කියලා. දැන් මේ විදිහටම ඉන්නවා. සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ අයියගේ බැද්දේගම ටෙලි නාට්‍යය ලැබුණෙත් මේ රැවුලයි, කොණ්ඩෙයි නිසා එහි හීන් අප්පුගේ චරිතය තමයි මට ලැබුණේ. සිලිඳුගේ චරිතය රඟපාන්නේ සෞම්‍ය ලියනගේ අයියා. එහි පළමු අදියර රූගත කර අවසානයි. දුෂ්කර පළාතක තමයි රූගතකිරීම් කළේ. මට එය අපහසු වුණේ නැහැ. මගේ ගමත් මාතර මිද්දෙණියේ. ඉතින් ගම් පළාත් මට හුරුයි. කොතරම් දුෂ්කර වුවත් දරාගෙන රඟපාන්න මට පුළුවන්.
මම ච්බ් ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා. නාමල් සම්පත් අයියා සමඟ එකතු වෙලා තමයි මම ච්බ් ශිල්පියෙක් විදිහට වැඩ කරන්නේ.
මේ වන විට අවුරුදු පහළොවක් වෙනවා මම කලා ක්ෂේත්‍රයට ඇවිත්. සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස මේ වන තෙක් වැඩ කරනවා. මගේ හීනයක් තමයි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම. ඒ සඳහා මේ දිනවල මූලික අඩිතාලම සකස් කරමින් ඉන්නවා. මැයි හෝ ජූනි මාසයේ චිත්‍රපටයේ වැඩ ආරම්භ කරනවා. ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්නත් සූදානමක් තියෙනවා. තිනේෂ් කනගරාජා ගේ චිත්‍රපටයකටත් ආරාධනා ලැබී තියෙනවා.
මම ආදරේ කරන්නේ කලාවට. ඒ නිසාම මම කරගෙන ආ රැකියාවෙනුත් ඉවත් වුණා. දැන් පූර්ණකාලීනව කලාවේ නිරත වී ඉන්නවා.
නයනාංජලි දෙහිපිටිය
Share
0
Facebook
Twitter
Tumblr
VK
Whatsapp
Email
previous post
කළා පුවත්
next post
ඉගෙනුමට මුල්තැන දීලා මේ ගමන යනවා යොවුන් නිවේදිකා ඉසලි සහස්නා
You may also like
ඉගෙනුමට මුල්තැන දීලා මේ ගමන යනවා යොවුන් නිවේදිකා ඉසලි සහස්නා
April 30, 2026
“සිහිනයකි රෑ” වැඩසටහන නතර වූ පසු ප්‍රසංගයක් බවට පත්වුණා
April 23, 2026
මගේ සිනමා ජීවිතයේ කඩඉම “දෙලොවක් අතර” ප්‍රවීණ රූපණවේදිනී සුවිනීතා වීරසිංහ
April 23, 2026
මං හැමවිටම උත්සාහ කළේ හරවත් ගී නිර්මාණ බිහි කරන්න
April 23, 2026
මගේ සැබෑ නමට වඩා හැමෝම කතා කරන්නෙ ‘කස්සා’ කියලා
April 23, 2026
එදා තුවාලයට බෙහෙත් දාපු නිළිය පසුව මගේ බිරිඳ වුණා රංගන ශිල්පී රංජිත් ගුරුසිංහ
April 23, 2026
රිවර්ස්ටන් චිත්‍රපටය රූගත කරද්දි විශාල අභියෝග ප්‍රමාණයකට මුහුණ දුන්නා
April 9, 2026
පුරුද්දක් වෙලා තිබූ ලිවීම පසුකාලීනව ඇබ්බැහියක් වුණා
April 9, 2026
ප්‍රවීණ ශිල්පීන්ගේ හඬින් ගී ගයන්න ලැබීම වාසනාවක සංගීතවේද ඇන්ටන් බටේපොල ී්
April 2, 2026
‘ලෙනාඩ් වුල්ෆ්’ ගැන අපි දැන සිටියේ ටිකයි ආචාර්ය ඩන්ස්ටන්. ජේ. ප්‍රනාන්දු
April 2, 2026
විජය අයියා මේ චිත්‍රපටයේ මා ලියූ දෙබස්වලට කැමැති වුණා
March 26, 2026
එදා ඉඳලා කැපිලි කෙටිලි දරාගන්න හොඳ හයියක් තිබුණා
March 26, 2026
බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ගේ චරිතය කරන්න ආසයි
March 26, 2026
චිත්‍රකතා ගැන නව සංවාදයක් ඇති කිරීම මගේ අරමුණයි
March 26, 2026
Leave a Comment
Cancel Reply
Save my name, email, and website in this browser for the next time I comment.
රංගනය වෙනුවෙන් ඕනෑම දෙයක් දරා ගන්න මට පුළුවන්