Advertisements
Advertisements
ඩොලර් මිලියන 2.5ක මුදල ගැන පාර්ලිමේන්තු විවාදයක්
April 30, 2026
0 Comments
ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය ඉල්ලා සිටි විවාදය ලබාදීමට සභානායකවරයා එකඟත්වය පළ කර ඇත.
ඒ අනුව අදාළ විවාදය මීළඟ පාර්ලිමේන්තු සතියේදී පැවැත්වෙනු ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සඳහන් කරයි.
පාර්ලිමේන්තුව ස්ථාපිත කර වසර 44ක් සපිරීම නිමිත්තෙන් අද (30) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති ආගමික වැඩසටහනකට සහභාගගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කරයි.
මීළඟ පාර්ලිමේන්තු සතිය ඉතා කාර්යබහුල සතියක් බවත් අණපනත් ගණනාවක් සම්මත කර ගැනීමට නියමිත බවද කථානායකවරයා සඳහන් කරයි.
ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් වන විවාදය ලබන (19) වෙනිදායින් ආරම්භ වන පාර්ලිමේන්තු සතියේදී පැවත්විය හැකි බවද කථානායකවරයා සඳහන් කරයි.
තවද ලබන අටවෙනිදා වියට්නාමයේ ජනපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවද කථානායකවරයා සඳහන් කරයි.
Share this with your friends
Share on Facebook (Opens in new window)
Facebook
Share on Telegram (Opens in new window)
Telegram
Share on WhatsApp (Opens in new window)
WhatsApp
Share on X (Opens in new window)
X
Advertisements
Advertisements
ඩොලර් මිලියන 2.5ක මුදල ගැන පාර්ලිමේන්තු විවාදයක්