භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන
2.5
ක මුදලක් හැකර්වරුන් විසින් වෙනත් ගිණුමකට යොමු කර ගැනීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අතරතුර වැඩක තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකුවන රංග නිශාන්ත මහතා සිය දිවි නසාගෙන ඇතැයි වාර්තාවේ
.
50
වියැති ඔහු කුලියාපිටියේ සිය නිවස පිහිට ගෙවත්තේ දී සිය දිවි හානිකර ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි
.
ඩොලර් මිලියන
2.5
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම නිලධාරියාට පෙනී සිටින ලෙස එම දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී දැනුම්දී ඇති බවත් එම අවස්ථා දෙකේදීම මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට නොමැති බවත් වාර්තා වෙයි
.