Sinhala
Facebook
Twitter
Pinterest
WhatsApp
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ලකුණු 21කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (30) සමත් වුණා.
දෙරට අතර පැවැති පළමු තරගය ද ලකුණු 25කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඒ අනුව තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම තරග 2-0ක් ලෙසින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ද සමත් වෙනවා.
ඉමේෂා සහ හර්ෂිතා ශ්‍රී ලංකාව දිනවයි
Sylhet
ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගණයේ
දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු කළා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 1
54
ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු
5
ක් දැවී ලකුණු
133
ක් පමණයි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරගයට ක්‍රීඩා කළ අයගෙන් ම සමන්විත වූ අතර බංග්ලාදේශය වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින් තරගයට පිවිසියා. ඒ අනුව පෙර තරගය හා එක් ව සිටි
Rabeya Khan
සහ
Marufa Akter
වෙනුවට
Ritu Moni
සහ
Fahima Khatun
කණ්ඩායමට එක් කර තිබුණා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනී නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), මල්කි මදාරා, සුගන්දිකා කුමාරි සහ මිතාලි අයෝද්‍යා.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Nigar Sultana (නායිකාව), Sharmin Akhter, Sobhana Mostary, Dilara Akter(කඩුලු රකින්නිය), Juairiya Ferdous, Shorna Akter, Ritu Moni, Nahida Akter, Sultana Khatun, Fariha Trisna සහ Fahima Khatun.
මෙම තරගයේ දී
ප්‍රතිවාදී නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ හසිනි පෙරේරා ට අද තරගයේ දී ද එතරම් ම දක්ෂතා අතරට පිවිසීමට හැකි වූයේ නැහැ. ඇය ගේ ඉනිම ලකුණු 9කට සීමා වූ අතර චමරි අතපත්තු හා එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව ද 22ක් වූවා.
ඉන් අනතුරු ව 2 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 44ක සබඳතාවක් එක් කිරීමට චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි සමත් වුණා. ඉමේෂා දුලානිගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඒ වෙද්දී ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
චමරි අතපත්තු ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඇය හර්ෂිතා සමරවික්‍රම හා එක් වෙමින් 3 වැනි කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 27ක් එක් කරනවා.
ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හර්ෂිතා සමරවික්‍රම ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුනු 49ක් ලබා සිටියා. ඇයත් සමඟ සිව් වැනි කඩුල්ලට පිටියේ රැඳී සිටි නිලක්ෂිකා සිල්වා ඉනිම අවසන් වෙද්දී පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී
Sultana Khatun, Fariha Trisna, Nahida Akter
සහ
Ritu Moni
කඩුල්ල බැගින් දවා ගත්තා.
Major Club විස්සයි විස්ස තරගාවලියට දින වෙන් කරයි
එරාන් වික්‍රමරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව නම් කරයි!
ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගාවලිය ජය ගනී
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 2-1කින් ජය ගනී
2026 LPL තරගාවලියට දින නියම වෙයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූ Dilara Akter සහ Juairiya Ferdous එක් ව පළමු කඩුල්ලට පන්දු 38ක දී ලකුණු 46ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Dilara Akter පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ද සහ Juairiya Ferdous පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් අනතුරු ව බංග්ලාදේශ ඉනිමට ජවයක් එක් කිරීමට
Sharmin Akhter
උත්සාහ කළ ද ඇයට අනෙකුත් පිතිකාරිනියන්ගෙන් සාර්ථක සහයෝගයක් ලැබුණේ නැහැ.
ඇය බංග්ලාදේශ ඉනිම අවසන් වෙද්දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් දවා ගන්නා ලද අතර ඉනිමේ දැවී ගිය අනෙක් කඩුලු ත්‍රිත්වය ම දුවද්දී දැවී යෑමට ගොදුරු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා
කාන්තා ක්‍රිකට්
කණ්ඩායම –
කඩුලු 4ක් දැවී 154 (20.0) චමරි අතපත්තු 42, ඉමේෂා දුලානි 27, හර්ෂිතා සමරවික්‍රම 49, නිලක්ෂිකා සිල්වා නොදැවී 22
බංග්ලාදේශකාන්තා ක්‍රිකට් කණ්ඩායම –
කඩුලු 5ක් දැවී 133 (20.0) Dilara Akter 23, Juairiya Ferdous 29, Sharmin Akhter 44, කවීෂා දිල්හාරි 2/15
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 21ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – කවීෂා දිල්හාරි (ශ්‍රී ලංකාව)
දෙරට අතර
2 වැනි
විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය
මේ මස
30
වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න
ThePapare.com
අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ T20 තරගාවලිය වේලාසනින් දිනා ගනී