(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් අමාත්‍යාංශය සතුව ඇමරිකානු ඩොලර් 2.5 අස්ථාන වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ නිලධාරීන් සිව් දෙනාගෙන් සහකාර අධ්‍යක්ෂවරයකු ඔහුගේ නිවස පිටුපස කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටියදී හමු වූ බව කුලියාපිටිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මහතාය.
ඔහුගේ පාදයකින් හා අත්වලින් ලේ වාහනය වෙමින් තිබූ අතර , කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් ඔහු ඝාතනයය කළේද , එසේ නොමැති නම් ඔහු සියදිවී හානි කර ගත්තාද ? උත්තර දීමකින් පාදයේ නහරයක් කැපී යාම හේතුවෙන් මිය ගියාද යන්න සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමටමට නියමිතය. ඔහු වැටි සිටි ස්ථානය ආසන්නයේ කුඩා පිහියක් තිබූ බව ද පොලිසිය කියයි
ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂවරයා ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
මියගිය අධ්‍යක්ෂකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
හැකර් සිද්ධිය වැඩ තහනම් වූ ස.අධ්යක්ෂ අභිරහස් ලෙස මරුට