ඉතාලියේ වසර 06ක් පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට, මෙරට රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රයකට පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව මෙම මස සිට බලාත්මක කර තිබේ.
ඒ අනුව, දෙරට අතර ඇති කරගත් රියැදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම (Mutual Recognition of Driving Licences) මේ අනුව ක්‍රියාත්මක වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කළ දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ගිවිසුම අත්සන් තබා ඇත. එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අවශ්‍ය සියලු තාක්ෂණික කටයුතු සාර්ථකව අවසන් කර ඇති බව ද එම අමාත්‍යාංශ සඳහන් කරයි.
මෙම ගිවිසුම යටතේ, ඉතාලියේ වසර 06ක කාලයක් පදිංචිව සිටින මෙරට වැසියන්ට, ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටීමකින් තොරව, සිය ජාතික රියැදුරු බලපත්‍රය ඉතාලි රියැදුරු බලපත්‍රයකට පරිවර්තනය කර ගැනීමට හැකිවනු ඇත.
සුජීව තත්සර
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින්ට රියැදුරු බලපත්‍රය පරිවර්තනයට අවසර