එස්. ගොඩගේ සහ සහෝදරයෝ (පෞද්ගලික) සමාගමේ නිර්මාතෘ, දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඊයේ (30 දා) සහභාගී විය.
1960 දශකයේ ආරම්භ කරන ලද සිය ප්‍රකාශන ආයතනය හරහා එතුමා දශක හයකට අධික කාලයක් ශාස්ත්‍රීය ග්‍රන්ථ, ළමා සාහිත්‍යය, පර්යේෂණ කෘති සහ නිර්මාණාත්මක ලේඛන දහස් ගණනක් පාඨක ලෝකයට දායාද කළේ ය. එතුමා සතු වූ දූරදර්ශී දැක්ම සහ කැපවීම හේතුවෙන් මෙරට ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය නව මාවතකට යොමු වූ අතර, ගුණාත්මක පොත්පත් සාමාන්‍ය ජනතාවට සමීප කරවීමට එතුමා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ ය.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර සහ සයිමන් නවගත්තේගම වැනි ප්‍රාඥයන්ගේ කෘති මෙන්ම නවක ලේඛක ලේඛිකාවන් රැසකගේ නිර්මාණ දොරට වැඩීමට අවස්ථාව සලසා දෙමින් එතුමා සිංහල සාහිත්‍ය කලා කෙත පෝෂණය කිරීමට නොමසුරුව දායක වූයේය. භාෂාව, ඉතිහාසය, සංස්කෘතිය සහ සමාජ විද්‍යාව වැනි විවිධ විෂය පථයන් ඔස්සේ එතුමා ඉතිරි කර ගිය ශාස්ත්‍රීය උරුමය අතිමහත්ය.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
සිරිසුමන ගොඩගේ දේහයට ඇමැති සුනිල් සෙනෙවිගෙන් අවසන් බුහුමන්