පසුගිය දා හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) වෙත පැමිණි ‘MSC’ මාරි ලෙස්ලි බහාලුම් නෞකාවේ සාර්ථක හැසිරවීමත් සමග, මෙතෙක් එක් නෞකාවකින් හසුරුවා ඇති ඉහළම බහාලුම් පරිමාව වාර්තා කිරීමට වරාය සමත් විය. මෙම ජයග්‍රහණය, බහාලුම් බඩු තොග සඳහා කලාපයේ නැඟී එන මධ්‍යස්ථානයක් ලෙස HIP හි ස්ථාපිතය තවදුරටත් ශක්තිමත් කරයි.
මෙඩිටරේනියන් නැව් සමාගම (MSC) විසින් ක්‍රියාකරවන මෙම නෞකාව, 2026 අප්‍රේල් 11 සිට 15 දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රැඳී සිටි අතර, එම කාලය තුළ බහාලුම් 7,968ක් පරිහරණය කරමින්, සමස්ත TEU 13,260ක පරිමාවක් HIP විසින් වාර්තා කොට ඇත. මේ දක්වා, එක් නෞකාවක් සඳහා HIP විසින් හැසිරවූ ඉහළම බහාලුම් පරිමාව ලෙස මෙය සැලකේ. මෙම නවතම සන්ධිස්ථානය, මේ වසර මාර්තු මාසයේ වරාය වෙත පැමිණි MSC ඉලෙනියා සහ MSC රූබි යන බහාලුම් නෞකා සඳහා හැසිරවූ පිළිවෙළින් TEU 12,957 සහ TEU 11,369 යන පරිමාවන් ඉක්මවයි. ස්ථීර ලෙස ඉහළ යන වරායේ බහාලුම් හැසිරවීමේ ප්‍රවණතාව මෙයින් සනාථ වෙයි.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026