මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ සේවකයින්ට සිදු වූ පහරදීමක් සහ තර්ජනය කිරීමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පාමින් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඊයේ (30) දින උදෑසන සිට කළු පටි පැළඳ විරෝධය ප්‍රකාශ කළහ.
නමුත් රෝගීන්ට බෙහෙත් දීමේ කටයුතු සිදු කෙරිණි.
ඉකුත් 28 වැනිදා මස්කෙළිය ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලකින් තුවාල ලැබූ අයකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී, එදින පස්වරු 6.30ට පමණ ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශවයේ පිරිසක් රෝහලට බලහත්කාරයෙන් කඩා වැදී ඇත.
එහිදී රෝහල්ගතව සිටි පුද්ගලයාට එම පිරිස නැවතත් බැණ තර්ජනය කර පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී, එය වැළැක්වීමට මැදිහත් වූ රෝහල් සේවිකාවකට සහ හෙද නිලධාරියකුට අදාළ පිරිස පරුෂ වචනයෙන් බැණවැදී පහර දීමට තැත්කර ඇති බව මස්කෙළිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.ආර්.එන්. රිසාන් මහතා කියා සිටියේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් මස්කෙළිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කීවේය.
අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් සිය විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.
නුවරඑළිය නාලක රත්නායක
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
තර්ජනය කළ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි මස්කෙළිය රෝහල කළු පටි පළඳියි