රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතාට පහරදීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නගරාධිපතිවරයකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
මේ සම්බන්ධව වත්මන් නගරාධිපතිවරයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 28 දා සවස තමා සිය නිල කාර්යාලයේ සිටියදී බීමත්ව සිටි හිටපු නගරාධිපති දැනට නගර සභාවේ සර්ව ජනබල පක්ෂයේ මන්ත්‍රීවරයකු වන නිලන්ත රොෂාන් නමැත්තා බලහත්කාරයෙන් කාර්යාලයට ඇතුළු වී වචන හුවමාරුවකින් පසුව තමාගේ කමිසයේ කොලරයෙන් අල්ලා පහර දීමට තැත් කළ බවට පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වන ලද පොලිසිය නිලන්ත රොෂාන් යන අය සාපරාධි බලහත්කාරකම් පෑම, රාජකාරියට බාධා කිරීම, බීමත්ව අශෝභන ලෙස හැසිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවත් බීමත්ව සිටි බවට තහවුරු කර ගැනීමට වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට රත්නපුර රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසයි.
සැකකරු දැනට සති කිපයකට පෙරද පොලිසියට බැණ තර්ජනය කිරීමක් සම්බන්ධව පැවති නඩුවකදී දැඩි ඇප කොන්දේසි මත සිටි අයකු බවද පොලිසිය පවසයි.
රත්නපුර මූලස්ථාන ප්‍ර.පො.ප. ප්‍රසන්න සුමනසිරි මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරික්ෂණ පවත්වති.
විවිධ පැමිණිලි අංශයේ පො.සැ.අතුකෝරල (33347) මහතා සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.
රත්නපුර – නිශාන්ත වික්‍රමසිංහ
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026