1876 මැයි 01 දා ගාල්ල රිච්මන්ඩ් කන්දේ දී ගාලු පාඨශාලාව ලෙස ආරම්භ වූ මෙම පාසල 1882 දී රිච්මන්ඩ් විද්‍යාලය ලෙස නම්කරනු ලැබුවේ මෙතෝදිස්ත දිසා සම්මුතිය අනුවය. එතැන් පටන් විශේෂ සැමරුම් උත්සව 1926 දී, 1956 වර්ෂයේදී 75 වැනි සංවත්සරය 1976 වර්ෂයේදී සියවස් සැමරුම 2001 වර්ෂයේදී සමරනු ලැබිණි.
අද දිනට සිය 150 වැනි සංවත්සරය සැමරීම මුල් කරගනිමින් ඊයේ (30 දා) සර්වරාත්‍රික පිරිත් දේශනය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. අනතුරුව අද දින උදෑසන ඉස්ලාම් දේව මෙහෙය සහ කතෝලික ස්තූති මෙහෙය විද්‍යාලයීය ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර බහුකාර්ය ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අනතුරුව දහවල් සංඝගත දක්‍ෂිණාව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
එමෙන්ම 150 වැනි සංවත්සර සැමරුම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සිදු කරනු ලබන විශේෂ සැමරුම් කවරය නිකුත් කිරීම
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරියගේ මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරේ.
අද (මැයි 01) දා සිට 2027 ජනවාරි මස දක්වාම විශේෂ සැමරුම් වැඩසටහන් ගණනාවක් පැවැත්වීමට නියමිත අතර විද්‍යාලයීය නව විදුහල්පති ප්‍රභාත් විතානගේ මහතාගේ මූලිකත්වයෙන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, පාසල් සංවර්ධන සමිතිය, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසු දරුවන්ගේ නොමඳ සහයෝගයෙන් මෙම වැඩසටහන් මාලාව දියත් කෙරේ.
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය 150 වැනි සංවත්සර සැමරුම