සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද?
පරීක්ෂණ : සිරුරේ කැපුම් තුවාල
මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීමේ සිදුවීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු ඊයේ (30දා) අභිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ. එම නිලධාරියා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි අයකු බව ද වාර්තා වේ.
අදාළ නිලධාරියා කැපුම් තුවාල සහිතව මියගොස් සිටි බවත් එය සියදිවි නසා ගැනීමක් බවට සැකකරන බවත් මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඊයේ (30දා) ‘දිවයින’ට කීවේය.
මියගිය අයගේ සිරුරේ බලනහරවලට බරපතළ තුවාල සිදුව තිබෙන බව පොලිසිය කියයි.
කෙසේ වුව ද ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යන්න ගැන ද දැන් පුළුල් පරීක්ෂණ සිදු වේ. පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු එහි නිවැරදිභාවය තහවුරු වනු ඇත.
මෙසේ මියගොස් ඇත්තේ රංග නිශාන්ත රාජපක්ෂ නමැති අධ්‍යක්ෂවරයකු බව ද පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මෙම නිලධාරියාගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන අංශ කටයුතු කරමින් තිබූ බව ද ඇතැම් අංශ සඳහන් කරති. ඇතැම් සමාජ මාධ්‍යවල සඳහන්ව තිබුණේ මෙම නිලධාරියා අදාළ මුදල් අතුරුදන්වීම ගැන බොහෝ දේ දැන සිටි ඒ පිළිබඳව අදාළ අංශවලට පැමිණිලි කළ පුද්ගලයකු ද වූ බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත – එස්. දිල්හාන්
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
ඩොලර් මිලියන 2.5ක් අතුරුදන්වීම: මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයකු අභිරහස් ලෙස මියගිහින්