ක්‍රිකට් ව්‍යවස්ථාවේ සිට බිම් මට්ටම දක්වා පරිවර්තනීය වෙනසක් සිදු කර ක්‍රිකට් වෙනුවෙන් රටම එකතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනීය කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
හෙතෙම මේ බව කියා සිටියේ පත්වීම් ලිපිය ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ (30) උදෑසන ක්‍රිකට් ආයතනය ගොස් නව ධූරයෙහි වැඩ භාරගැනීමෙන් පසුව එහිදී ඔහු මෙසේ ද කියා සිටියේය.
මේ ක්‍රීඩාව රටේ බොහෝ දෙනා ආදරය කරන, බලන ක්‍රීඩාව. මේ කමිටුවට ගොඩක් දක්‍ෂ කණ්ඩායමක් නම් කරල තියෙනව. විශේෂයෙන්ම මේ කණ්ඩායම ඇතුළෙ ඉන්නව ලංකාවෙ බිහිවෙච්ච දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර සංගක්කාර, සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම වගේ අය. ඊට අමතරව නීතිය පිළිබඳව විශේෂ දැනුම ඇති අය, කළමනාකරණය, මුදල් ගැන ලොකු දැනුමක් තියෙන අය. එහෙම බැලුවම ඉතාමත්ම හොඳ කණ්ඩායමක් පත්කරල තියෙනව.
මේක ජාත්‍යන්තර ක්‍රීඩාවක්. අයි.සී.සී. යෙ අනුදැනුම ඇතිව ජාත්‍යන්තරව සම්බන්ධ වන රටක්. අපට විශේෂ කරුණු දෙකක් තියෙනව බලන්න. එකක් තමයි මේ ක්‍රීඩාවෙ පරිපාලනය කොහොමද අපි දියුණු කරන්නෙ, ඒකට අදහස් තියෙනව. දෙවැනි කරුණ තමයි බිම්මට්ටම කොහොමද අපි දියුණු කරන්නෙ කියන එක. විශේෂයෙන්ම අපේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව, කාන්තා ක්‍රිකට් සහ ක්ලබ් ක්‍රිකට් දියුණු කරන්න අපි සහයෝගය දෙන්න ඕන. ඉතින් ඔය දේ කරන්න තමයි අපිව කෙටි කාලයකට පරිවර්තන කමිටුවක් හැටියට පත්කරල තියෙන්නෙ. මේක දේශපාලනයට සම්බන්ධ නෑ කියලම මම කියන්න ඕන. මම හිටපු මන්ත්‍රී කෙනෙක් සහ ඇමැති කෙනෙක්. අපිට මෙතෙන්ට ඇවිල්ල තියෙන්නෙ දේශපාලනය කරන්න නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ රටම එකතුකරන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒ නිසා අපිට මේක දියුණුකර ගන්න හැමෝගෙම සහයෝගය අවශ්‍යයි.
විශේෂයෙන්ම මේක පරිවර්තන කමිටුව කියන්න හේතුව තමයි ව්‍යවස්ථාවෙ සිට බිම් මට්ටම දක්වාම වෙනස් කරන්න දේවල් තියෙනව. ඉස්සෙල්ලාම අපිට තියෙන්නෙ ඇහුම්කන් දෙන්න.
සුසිල් ජයකොඩි
සංස්කරණය – සුසිල් ජයකොඩි
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
ක්‍රිකට් පරිවර්තනීය වෙනසකට ලක්කරනවා – ඉරාන් වික්‍රමරත්න