මේෂ
ක්‍රියාකාරී දිනකි. දාන ශීලා දී ගුණ දහම්වලට යොමු වෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. ආගමික උත්සව සංවිධානය කරයි. ආගමික ගමන් යෙදේ. විනෝදජනක ක්‍රියා ද යෙදේ. සිරස ගත රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – තද රෝස, ජය අංකය – 07
වෘෂභ
තරමක් සහනදායී ලෙස දවස ගෙවයි. දහමට අවතීර්ණ වෙයි. පුද පූජා ආදියෙහි යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන්හි යොමු වෙයි. ඇසුරු කරන්නෝ ද දහමට යොමු කරවයි. අමතර ලාභ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 01
මිථුන
දහමට මුල්තැන දී ක්‍රියා කරයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. ප්‍රීති උත්සව සහ ආගමික උත්සව වැනි දේවල්හි යොමුවේ. තරමක් වැයපස ද ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. ස්නායු රෝග, ඉදිමුම් රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 03
කටක
අධ්‍යාත්මික ගුණ වගා කරන දිනකි. තම ළඟම ඥාති හිතවතුන් දහමට යොමු කරවයි. තරමක් වැයපස ඉහළ යයි. ගමන් බිමන් ද බහුල වෙයි. තම නිවස තරමක උත්සවශ්‍රියාවක් දෙයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 05
සිංහ
දහමට ලැදිව ක්‍රියාකරයි. දානමානාදී කුසලකර්මවල යෙදේ. වැයපස ඉහළ යයි. සුහද සිතින් ක්‍රියා කරයි. නවක මිතුදම් ඇති වෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. ස්නායුගත රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා
ගමන් බිමන් බහුල වේ. වන්දනා ගමන් ආගමික වැඩසටහන්වලට අවතීර්ණව ක්‍රියා කරයි. තරමක් වැය පස ඉහළ යයි. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. ඥාති මිත්‍රාදීන් සමීපව ක්‍රියා කරයි. මුත්‍රා ආසාදන ඇති කරවයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
තුලා
ආගමානුකූල ක්‍රියාවනට මුල් තැන දෙයි. ගමන් බිමන් ද යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒක රාශීව ක්‍රියා කරයි. දුරස්ථ වූ ඥාතීන් සමීප කරවන ක්‍රියා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ඍජු ගුණ මතු කරයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 03
වෘශ්චික
දාන ශීලාදී ගුණ ධර්මවල යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒක රාශීව ක්‍රියා කරයි. ආගමික උත්සවවලට ද සහභාගි වෙයි. තරමක් මිල මුදල් වැය කෙරේ. සහන සිතුවිලි මත ක්‍රියා කරයි. සන්ධි ප්‍රදාහ රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 08
ධනු
ක්‍රියාකාරී දිනකි. ආගමික හා ප්‍රීති උත්සව වතාවත් සංවිධානයට හේතුයි. දාන මානාදී කුසලකර්මවල යෙදෙන අතර විය පැහැදම් ද අධික වන දිනකි. හදිසි ලාභ ද දෙයි. ආමාශගත රෝග මතුවේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 02
මකර
දහමට අවතීර්ණව ක්‍රියා කරයි. දාන ශීලාදී ගුණ ධර්මවල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන තම ඇසුරු කරන්නෝ ද දහමට යොමුකරවන දිනකි. අමතර ලාභ ලබයි. සෙම් රෝග , කාස ස්වාස මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 04
කුම්භ
තරමක් වෙහෙසව කටයුතු කරයි. බොහෝ විහාරා දී ආශ්‍රිතව ක්‍රියා කරයි. බුද්ධාලම්බන ප්‍රීතිය වර්ධනය වන ක්‍රියාවන්හි යෙදෙන අතර දහම් ගුණ ගරු කරයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන
ආගමික වතාවත් ගරු කරන අතර වෙහෙර විහාර ආශ්‍රිතව කාලය ගෙවයි. දාන මානාදී ක්‍රියාවන්හි යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම සිතුවිලි දහමට යොමු වෙයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 09
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
අද දින ඔබේ දෛවය