චමරි අතපත්තු ගේ හර්ෂිතා සමරවික්‍රමගේ ප්‍රහාරාත්මක ඉනිම් දෙකත්, කවීෂා දිල්හාරි ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ පාලනයකින් යුතු පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි – 20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ලකුණු 21ක ජයක් ලබමින්, තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය තමන් සතුකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තාවෝ සමත්වූවාය.
ඊයේ (30 දා) ශ්‍රිහෙට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමින් යුතුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තාවෝ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 154ක ලකුණු පුවරුවක් නිර්මාණය කළේය.
එහිදී නායකත්වයේ ඉනිමක් දියත් කළ චමරි අතපත්තු පන්දු 37කින් ලකුණු 42ක් සහ හර්ෂිතා සමරවික්‍රම පන්දු 29කට මුහුණදෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 49ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ෆරිහ් තිෂ්නා, සුල්තානා කාතුන්, නහීදා අක්තාර් සහ රිතූ මොනී 1 කඩුල්ල බැගින් බිඳහෙළීය.
කෙසේ වුවද ලකුණු 155ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ පාලනයකින් යුතු සහ දක්‍ෂ පන්දු යැවීම හමුවේ ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 133ක් පමණක් වීම හේතුවෙන් ලකුණු 21ක ජයක් හිමිවිය.
ඒ අනුව තරගාවලියේ පළමු තරගය ලකුණු 25කින් ද, දෙවැනි තරගය ලකුණු 21කින් ද ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට හැකියාව ලැබිණි.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ශර්මින් අක්තාර් නොදැවී ලකුණු 44ක් සහ ජූරියා ෆෙඩොක්ස් ලකුණු 29ක් ලැබීය.
පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 15කට කඩුලු 2ක් ලැබීය.
තරගයේ වීරවරිය ලෙස කවීෂා දිල්හාරි සම්මාන ලැබීය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 154යි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 49, චමරි අතපත්තු ලකුණු 42, ඉමේෂා දුලනි ලකුණු 27, නිලක්‍ෂිකා සිල්වා ලකුණු 22යි.
(ෆරිහ් තිෂ්නා 23/1, සුල්තානා කාතුන් 21/1, නහීදා අක්තාර් 34/1, රිතූ මොනී 40/1)
බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 133යි.
ශර්මින් අක්තාර් ලකුණු 44, ජූරියා ෆෙඩොක්ස් ලකුණු 29, දිලාරා අක්තාර් ලකුණු 23, ෂොර්නා අක්තාර් 12යි.
(කවීෂා දිල්හාරි 15/2)
සිසිර ඉන්ද්‍රජිත්
Share This Article
Facebook
Whatsapp
Whatsapp
Telegram
Copy Link
Print
Trending News
සතියේ ලග්න පලාපල
April 26, 2026
තායිලන්තයට අරන් ගිය තරුණ චීවරධාරීන්ට කම්සැපත් දී මත්කුඩු ඇදලා
April 27, 2026
මහාචාර්ය නලින් අබේසේකරගේ අවසන් කටයුතු අද සවස
April 26, 2026
යක්කලින් ඇරැඹෙන සාම පා ගමන අද කැලණියට: හෙටින් නිමාවට
April 27, 2026
මහ වන මැදින් මහ රෑටත් පිරිත් ඇහෙන සපුමල්ගස්කඩ පුද බිම
April 26, 2026
තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලි ජය ශ්‍රී ලංකා කාන්තාවන්ට